ප්‍රජා ශක්ති ගම් දහසක වැඩ දහසක් ජාතික වැඩසටහනේ සමාරම්භයට සමගාමීව, පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැඩකටයුතු මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී තුශාරී ජයසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජූනි 02 දින වැලිගම්පල ග්‍රාම නිලධාරී වසමේදී ආරම්භ කෙරිණි. මෙම වැඩසටහනට අදාළ තොරතුරු කිහිපයක් පහත දැක්වේ:
වැලිගම්පල ලේල්කඳුර අමුණ සහ ඇළ මාර්ගය කිලෝමීටර් 2.5ක් දුරට ලක්ෂ 25ක ප්‍රතිපාදන යටතේ ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගෙන ඇත. මෙම ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් කුඹුරු අක්කර 21ක් අස්වැද්දීමට අවශ්‍ය අඛණ්ඩ ජල සැපයුම ලැබෙන අතර පවුල් 40ක ගොවි මහතුන්ට සෘජු ප්‍රතිලාභ හිමිවේ. කෘෂිකාර්මික රටක් ලෙස බහුමාන දරිද්‍රතාවයෙන් මිදීමට ගොවියා නගා සිටුවීම මූලිකවම සිදු කළ යුතු බවත්, රජය විසින් ආර්ථිකය ශක්තිමත් කර ඇති බැවින් දැක්මක් සහිතව ගොවියා නගා සිටුවීමට රජයට මුදල් ඇති බවත් මන්ත්‍රීවරිය සඳහන් කළාය. පස්බාගේ කෝරළේ ග්‍රාම නිලධාරී වසම් 29ක් සඳහා ප්‍රජා ශක්ති වැඩපිළිවෙළ යටතේ රුපියල් මිලියන 620ක විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර ඇති බව ද ඇය වැඩිදුරටත් කියා සිටියාය.















