• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

උදයංග කරන්නේ ජනතාවගේ සෞඛ්‍ය සමඟ සෙල්ලමක බව පාඨලි කියයි

5 January 2021
in දේශීය

කොරෝනා වසංගතය ගරානාවක් බවට පත්කරගනිමින් යුක්‍රේනයෙන් සංචාරකයින් ගෙන්වීම හරහා දැවැන්ත රාජ්‍ය මුදල් අපහරණයක නිරත වන බවත්, රටේ ජනතාවගේ සෞඛ්‍ය සමඟ සෙල්ලමක නිරත වන බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

වෙනත් කිසිදු රටක සිදුනොකරන අන්දමේ එවැනි නින්දිත ක්‍රියාවලියක නිරත වෙමින්, මේ රටේ පොලිස්පතිවරයාට හෝ කෝවිඩ් මර්ධන ව්‍යාපෘතියේ ප්‍රධානියා හැටියට ඉන්න හමුදාපතිවරයාට කොවිඩ් වලින් ගැලවීමේ උපදෙස් ජනතාවට ලබාදීමේ කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

කෝවිඩ් වසංගතයට වත්මන් ආණ්ඩුව විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදහස් පළකරමින් මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේ,

කොරෝනා ගරානා යක්කු තව දුරටත් තමන්ගේ නාඩගම කරගෙන යන බව අපිට පේනවා. ලෝකයේ බොහෝ රටවල් මේ අවස්ථාව වන විට කොරෝනා වලට එරෙහි එන්නත තමන්ගේ ජනතාවට ලබාදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශයන් අනුව කටයුතු කරමින් සිටිනවා. ඊශ්‍රායල් රට තමන්ගේ ජනතාවගෙන් 10% කට මේ එන්නත ලබාදී අවසන්. අපේ අල්ලපු රට වන ඉන්දියාව එන්නත් දෙකක් නිල වශයෙන් පිළිඅරගෙන, (එක එන්නතක් ඒ රටේම නිෂ්පාදනයක්. ඒ පිළිබඳව යම් යම් ප්‍රශ්න පැන නැගිල තිබුණත්) ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් අනුව ඒ එන්නත තමන්ගේ ජනතාවට ලබාදීමට කටයුතු කරමින් තියෙනවා. හැබැයි අපේ රටේ කොරෝනාව තව තවත් ව්‍යාප්ත කරමින් කොරෝනා ගරානාව ජයටම යන බව තමයි කණගාටුවෙන් වුණත් කියන්න තියෙන්නේ.

පළමු කාරණය තවමත් රජය කිසිම ආකාරයකට මේ එන්නත අපේ ජනතාවට ලබාදීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් අනුගමනය කරල නෑ, ඒ වෙනුවට සිදුකරමින් තියෙන්නේ ඒ එන්නත හරහාත් කොහොමද තමන්ගේ කොරෝනා ගරානාව කරගෙන යන්නෙ කියන එක ගැන ඔවුන් කටයුතු කිරීම පමණයි. මේක ඇත්තටම නින්දා සහගත තත්ත්වයක්. ලෝකයේ කිසිම රටක්, කිසිම දුෂ්ට පාලකයෙක් නොකරපු විදියට මේ කොරෝනා රෝගය තමන්ගේ මඩිය තරකර ගන්න කොරෝනා ගරානාවක් බවට ආණ්ඩුව පරිවර්තනය කරගෙන තියෙනවා.

පසුගිය සති කිහිපය තුළ අපට ඇහුණෙ විදේශගත අපේ ශ්‍රමිකයන්ගේ, වෘත්තීයවේදීන්ගෙ දුක් වේදනා. ඒ අයට මේ රටට එන්නට පහසුකම් සැපයීම සඳහා ගුවන් ටිකට්පත් දෙගුණ කරල. ඒ වගේම ඔවුන් යම් යම් ස්ථානවලට බලහත්කාරයෙන් හෝටල් වලට යොමු කරල. ඒ හෝටල් හරහා ගරානා පාර කරගෙන යාමේ වැඩපිළිවෙළක් දියත්වෙලා තියෙන බවයි. ඒ ගැන වේදනාත්මක ප්‍රකාශ ගණනාවක් සිය දහස් ගාණක් විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් දැනෙමින් තිබුණා. ඒ වගේම විදේශගත ශ්‍රී ලාංකිකයන්, ශ්‍රමිකයන් මේ රටට ගෙන්වා ගැනීමට ආණ්ඩුව කිසිම උත්සාහයක් ගන්නේ නෑ. රුපියල් ලක්ෂ තුනේ සිට පහ දක්වා මුදලක් ඒ අහිංසකයින්ගෙන් ගරන්න අද මේ කොරෝනා යක්කු ඉදිරිපත්වෙලා තියෙන නිසා ඒ කිසිවෙක් මේ රටට එන්නෙ නැතිව අදාල රටවල දහදුක් විඳින බව, කන්න නැතිව දුක් විඳින බව, ගණිකා වෘත්තියේ යෙදෙමින් දුක් විඳින බව දැන් පැහැදිළිව වාර්තා වෙලා තියෙනවා. ඒ කිසිවක් නෑසූ කන් ඇතිව ඉතාම අසීලාචාර විදියට දැන් දිගින් දිගටම මේ කොරෝනා ගරානාව ක්‍රියාත්මක වෙනවා.

පසුගිය දිනවල රාජපක්ෂ පවුලේ ඥාති පුත්‍රයෙක් වෙච්ච උදයංග වීරතුංග මහත්තයා යුක්‍රේනයෙන් සංචාරකයන් ගෙනාව. යුක්‍රේනය කියන රට ගැන හිතුවහම හැමෝටම හිතෙන්න පුළුවන් ධනවත් රටක් කියල. නමුත් ඒක පුද්ගල ආදායමෙන් ලංකාවටත් වඩා අඩු ඒක පුද්ගල ආදායමක් තියෙන රටක්. ඇත්තටම ලංකාවේ ඒක පුද්ගල ආදායම ppp අගය ගත්තොත් දැනට ඩොලර් 12,000 ඉක්මවල තියෙනවා. යුක්‍රේන රට තියෙන්නෙ 9,000 මට්ටමේ. ඒ නිසා අපිට පේනවා යුක්‍රේන රට අපට වඩා දුප්පත් රටක්. ඒ වගේම යුරෝපයෙන් කොන්වෙලා ගිය රටක්. බොහොම ප්‍රශ්නවලට පහුගිය කාලෙ මුහුණ දීපු රටක්. මේ රටෙන් සංචාරකයන් ගෙනල්ල මේ රටේ සංචාරක ව්‍යාපාරය පණ ගන්වන්න හදනව කියන්නෙ ඇත්ත වශයෙන්ම මහ විහිළුවක්. ඒ විතරක් නෙමෙයි අද මේ යුක්‍රේන ජාතිකයින් අතර කොරෝනා අසාදිතයන් සිටි බවත්, ඒ වගේම මේ නව කොරෝනා විශේෂය, විශේෂයෙන්ම එංගලන්තයෙන් පටන් අරගෙන යුරෝපයේ පැතිරී යන මේ විශේෂයේ ඔවුන් අතර තිබුණාද කියන ප්‍රශ්නයටවත් අද උත්තරයක් නෑ.

යුක්‍රේනය සම්බන්ධයෙන් පහුගිය කාල වකවානුව තුළ විශේෂ සිදුවීම් ගණනාවක් සිද්ධ වුණා. මේ රටේ අපකීර්තිමත් මිග් ගණුදෙනුව සිද්ධ වුණේ ඩොලර් මිලියන 14 කට අධික ඒ දැවැන්ත මූල්‍ය වංචාව සිද්ධ වුණේ යුක්‍රේනයේ. එවැනි මිලදී ගැනීමක් තම රටින් කළේ නැති බව යුක්‍රේන රජය බොහොම පැහැදිළිව ප්‍රකාශ කලා. ව්‍යාජ සමාගමක් සිංගප්පූරුවේ ලියාපදිංචි කරල මේ බාල ගුවන් යානා ලංකාවට ගෙනල්ල මහා වංචාවක් සිදුකළ බව දැන් පැහැදිළියි. එහි වගඋත්තර කරුවෙක් තමයි මේ උදයංග වීරතුංග මැතිතුමා, රාජපක්ෂ පවුලේ ඥාති සහෝදරයා.

ඒ වගේම යුක්‍රේනය චෝදනා කළා, තමන්ගේ රටේ ඉන්න බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ට රතු මුහුදේ නවත්වල තියෙන ශ්‍රී ලංකාවේ අවි ආයුධ සපයන්නන්ගේ ක්‍රියාදාමය නිසා ත්‍රස්තවාදී අවි සැපයුමක් සිදුවුණාද කියන මතය ඇතිවෙලා තියෙනවා. අපි දන්නවා මේ රටේ ඇතැම් පුද්ගලික සමාගම් පසුගිය රාජපක්ෂ පාලනයත්, මේ රාජපක්ෂ පාලනයත් සමඟ එකතු වෙලා මේ අවි ජාවාරම් වල නියැලෙන බවට යම් යම් සාක්ෂි රට පුරා පැන නැගී තිබෙනවා.

යුක්‍රේනයෙන් ලංකාවට කුණු ආවා. ඒ කුණු තොගවල අයිතිකාරය කවුද කියල තාම බලාගෙන නෑ. ඊළඟට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර ආවෙ යුක්‍රේනයෙන් ආපු ගුවන් නියමුවෙක්ගෙන් කියල ආණ්ඩුව කිව්ව. අද වෙනෙකාට මේ රට වෙලාගෙන 50,000 කට අධික නිල රෝගීන් ප්‍රමාණයක්, නිල නොවන ප්‍රමාණය ඒ වගේ කීප ගුණයක් වෙන්න පුළුවන්, ඒ සියල්ලට වගකිව යුතු යුක්‍රේනයෙන් ආපු ගුවන් නියමුවෙක් කියල තමයි කිව්වෙ. හැබැයි දැන් යුක්‍රේනයෙන් සංචාරකයින් සිය ගණන් අනාරක්ෂිතව ශ්‍රී ලංකාවට ගෙන එනව විතරක් නෙමෙයි අර අහිංසක යාල සෆාරි සේවයේ ඉන්න අයව අද නිරෝධායනයට යොමුකරල තියෙනවා. හැබැයි මේ අය වෙනුවෙන් අද යුද හමුදාව යොදවල ආරක්ෂාව දෙන තරම් නින්දිත තත්ත්වයකට මේක කඩාවැටිල තියෙනවා. ඒ නිසා අද සංචාරක ව්‍යාපාරයේ නියැලෙන හෝටල්වලට බලහත්කාරකම් පානවා. ඒ වගේම ගුවන් සේවාවලට බලහත්කාරකම් පානව. ඒ ගුවන් යානාවලින් අයකළ යුතු මුදල් අය කරන්නෙ නෑ. මේ සියල්ලෙන් මොකක්ද මේ කෙරෙන්නේ ? රාජ්‍ය මුදල් අපහරණය කිරීමක්, ඒ වගේම රටේ ජනතාවගේ සෞඛ්‍ය සමඟ සෙල්ලම් කිරීමක්.

මේ රටේ පොලිස්පතිවරයාට හෝ කෝවිඩ් මර්ධන ව්‍යාපෘතියේ ප්‍රධානියා හැටියට ඉන්න හමුදාපතිවරයාට අද කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ ජනතාවට කියන්න මේ කෝවිඩ් වලින් මෙහෙම ගැලවෙමු, අරම ගැලවෙමු කියල. අද රාජ්‍ය අංශයේ සියලුම ස්ථාන සංචාරක අමාත්‍යාංශය, ඒ වගේම අග්‍රමාත්‍ය කාර්යාලය මේ හැම දෙයක්ම අද මේ යුක්‍රේන ජාතිකයන් මේ රටට ගෙන්වල ඉතාමත්ම අනාරක්ෂිතව රටපුරා මේ කෝවිඩ් ව්‍යාප්ත කරන මේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් අද මේ රටේ ජනතාව ඉතාමත්ම භයානක බියකට පත්කරල තියෙනවා.

මේ යුක්‍රේන කොරෝනා ගරානා කාර්ය, යුක්‍රේන කැලිකසල වලින් මේ රටේ ගරානා පවත්වාගෙන යන අය, ඒ වගේම යුක්‍රේනයත් සමඟ අවි ගණුදෙනු, මිග් ගණුදෙනු කරපු පිරිස්, යුක්‍රේනයත් එක්ක තවත් අසීලාචාර අසම්මත ආකාරයේ යම් යම් ව්‍යාපාර කරපු පිරිස් වලින් අද මේ රට ගලවා ගන්න සිද්ධවෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ කෝවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් අද ඇතැම් ජනතාව දෙවියන් යැදුවත් අනිවාර්යෙන්ම මේ කෝවිඩ් ගරානා යක්ක රැලට එරෙහිව යුක්ති සහගත පාලනයක් යටතේ නීතිය නම් ක්‍රියාත්මක කළ යුතු බවද මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

Post Views: 8
Previous Post

මින්පසු අවුරුදු 16 අඩු අයට රැකියා බැහැ -කම්කරු ඇමැති

Next Post

1980 දී යාපනෙන් ටොරන්ටෝවට ආ දැවැන්ත ව්‍යාපාරිකයා

editor

editor

Next Post

1980 දී යාපනෙන් ටොරන්ටෝවට ආ දැවැන්ත ව්‍යාපාරිකයා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved