• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඡන්දෙන් පස්සේ රාජ්‍ය සේවකයාගේ පඩි අඩු කිරිමේ සුදානම් ගැන පාඨලි කියයි

10 July 2020
in දේශීය

අගොස්තු 05 වනදායි පසුව වැටුප පරිත්‍යාගය නෙමෙයි රාජ්‍ය සේවකයින්ට වැටුප අහිමිවන බව හිටපු අමාත්‍ය පාඨලි චම්පක රණවක මහතා පවසයි.

ඒ මහතා ජනහමුවක් අමතමින් කියා සිටියේ වැටුප් කප්පාදුව නතර කිරීමට නම් මේ තැපැල් ඡන්දයේදිත්, ඒ වගේම මහ ඡන්දයේදීත් ඔබේ වගකීම, යුතුකම ඉටුකළ යුතු බවයි.

එහිදී වැඩිදුරටත් පාඨලි චම්පික මහතා මෙසේ අදහස් පල කළේය ” අපේ ආණ්ඩුව පළවෙනි අය වැයෙන්ම (මාස 9 ක් තුළ) රාජ්‍ය සේවයේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කළා. රාජපක්ෂල හැමදාම කතා පවත්වල, පාර්ලිමේන්තු ඇවිල්ල රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කළේ, රු. 1500 කින් 2000 කින් පමණයි. ඒ වැඩි කිරීමට අපේ සේවකයො කියන්නෙ එල්ලනව කියල. මූලික වැටුපට එල්ලල දෙනවා. කවදාවත් මූලික වැටුපට එකතු කළේ නෑ. අපේ ආණ්ඩුව කෙලින්ම වැටුප් වැඩි කිරීම මූලික වැටුපට එකතු කළා. ඒ වගේම විශ්‍රාම වැටුපටත් ඒ දායකත්වය දුන්නා. වැටුප් දෙගුණ කළා. විශ්වවිද්‍යාල ක්ෂේත්‍රවල පොඩි වෙනසක් තිබුණා. සොල්දාදුවගේ සිට බ්‍රිගේඩියර් දක්වාත්, කොස්තාපල්ගෙ සිට අයි.ජී.පී. දක්වාත් වැටුප් දෙගුණ කළා. අධිකරණ ක්ෂේත්‍රයේ විනිසුරුවරුන්ගේ වැටුප් හතර ගුණයකින් විතර වැඩි වුණා. අපේ ආණ්ඩුව යටතේ විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්ගේ වැටුප් කීප ගුණයකින් වැඩි වුණා. හැම ක්ෂේත්‍රයකම දෙගුණයකින් වැටුප් වැඩි වුණා. දැන් රාජපක්ෂගේ වැඩකරන විරුවා මොකද කළේ ? මේ වැටුප් වර්ධකය 2020 ජනවාරි ඉඳන් නතර කළා. විශ්‍රාමිකයගේ වැටුප් වර්ධකය නතර කළා.

තැපැල් ඡන්දෙ දෙන සියලුම ඡන්ද දායකයින්ට අපි මතක් කරන්න ඕන වැටුප් වර්ධකය නතර කරපු, අතිකාල නතර කරපු, දීමනා නතර කරපු, විශ්‍රාම වැටුපට ගහපු, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙ ගිණුම්වලටත් ගහපු මේ ආණ්ඩුව, අනිවාර්යෙන්ම මේ මැතිවරණයෙන් පස්සෙ ඔබේ වැටුපටත් අත තියනවා. අද පුද්ගලික අංශයේ සියලුම සේවකයො එලියට දානවා. බාගයයි වැටුප් ගෙවන්නෙ. ඒ තත්ත්වයට රාජ්‍ය අංශයත් ගේන්න තමයි මේ උත්සහ කරන්නේ. ජයසුන්දර උන්නැහේ නිකං නෙවෙයි කීවෙ වැටුප පරිත්‍යාග කරන්න කියල. මේ රටේ වැටුප් තුනක් තියෙන එකම මිනහා පී.බී. ජයසුන්දර. ජයසුන්දර ඔය මුලින් කිව්වෙ පරිත්‍යාගය. අගෝස්තු 05 න් පස්සෙ පරිත්‍යාගය නෙමෙයි වැටුප අහිමි වෙනව මේ රටේ රාජ්‍ය සේවකයන්ට. ඒක නතර කිරීම සඳහා මේ තැපැල් ඡන්දයේදිත්, ඒ වගේම මහ ඡන්දයේදීත් අපේ වගකීම, යුතුකම ඉටුකළ යුතුයි.

සමගි ජන බලවේගය ආණ්ඩුවක් යටතේ, රාජ්‍ය ආයතන නිසි කළමණාකාරීත්වයකින් යුතුව පාලනය කරනව මිසක් රාජ්‍ය ආයතන අපි මුදලාලිලාට විකුණන්නේ නෑ,

රාජ්‍ය අංශයට අපේ යහපාලන ආණ්ඩුවෙන් ලබාදීපු වැටුප් වර්ධකය, විශ්‍රාම වැටුප් වර්ධකය නොපිරිහෙලා අපේ ආන්ඩුවක් යටතේ අපි ලබාදෙනවා.

නීතිපති දෙපාර්තමේන්තුවේ වැටුප් වැඩිකිරීම නිසා ඇති වූ වැටුප් විෂමතාවයට, රනුක්ගේ කොමිසම විසින් නිර්දේශ කරපු සියලුම ක්ෂේත්‍රවල වැටුප් විෂමතාවය ඉවත්කිරීමේ නිර්දේශවල අකුරක් නෑර අපි ක්‍රියාත්මක කරනවා.

ඒ වගේම අපි වැඩකරන ජනතාවට සහනයක් හැටියට පෙට්‍රල්, ඩීසල්, භුමිතෙල් මත පනවල තියෙන බදු, විදුලිබිල මත පනවල තියෙන බදු, ජලබිල මත පනවල තියෙන බදු, දුරකථන බිල් මත පනවල තියෙන බදු අපි ඉවත් කරනවා.

පුද්ගලික අංශයේ සේවකයින් එලියට දැමීම අපි සම්පූර්ණයෙන්ම නතර කරල ඒ අයගේ මූලික වැටුප ගෙවන්න කටයුතු කරනවා. අර්ධ වැටුප් ගෙවන පුද්ගලික අංශයේ සෑම හාම්පුතෙකුටම අපි කෙලින්ම කියනවා වහාම ඒ ජනතාවගේ මූලික වැටුප ගෙවන්න කියල. ධනපතියන්ට, ධන කුවේරයන්ට කිසිම සහනයක් අපි ලබාදෙන්නෙ නෑ මිත්‍රවරුනි. අපි සහනය ලබාදෙන්නේ මේ රටේ දුක්විඳින ජනතාවටයි.

අද මේ රටේ ධනපති පන්තියයි, ධන කුවේර පන්තියයි වංශක්කාර මංකොල්ලකාරයො ටිකයි ඉන්නෙ රාජපක්ෂල එක්ක. වැඩකරන ජනතාවයි, නිර්ධනයොයි, ඒවගේම මේ රට ගොඩනගන ශ්‍රමය වගුරන පිරිස ඉන්නෙ සමගි ජන බලවේගයේ. ඒ නිසා ඒ ජයග්‍රහණය සඳහා වැඩබිමේදි කාර්යාලයෙදි හැමතැනකදිම අපි කැප වෙලා වැඩ කළ යුතුයි.

Post Views: 9
Previous Post

කොස්ගොඩ තාරකාගේ සමිපතයා අත්අඩංගුවට

Next Post

මාධ්‍යවේදීයාගේ රාජකාරිය බාධා කිරීම ගැන අපක්ෂපාතිව පරික්ෂණයක් කරන්නැයි පොලිස්පතිගෙන් ඉල්ලයි

editor

editor

Next Post

මාධ්‍යවේදීයාගේ රාජකාරිය බාධා කිරීම ගැන අපක්ෂපාතිව පරික්ෂණයක් කරන්නැයි පොලිස්පතිගෙන් ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved