27 April 2024
#දේශීය

පවිත්‍රා රුසියාවේ ස්ටාලිනුයි ලංකාවේ ස්ටාලිනුයි පටලවාගෙන – රවී කුමුදේශ් කියයි

පොලිස් අමාත්‍යවරයා නිරෝධායන අත්අඩංගුවට ගැනීමේ වරද සෘජුවම සෞඛ්‍ය අමාත්‍යාංශය පිට පටවා ඇති බව රුසියාවේ ස්ටාලින් සහ ලංකාවේ ජෝසෆ් ස්ටාලින් පටලවාගනිමින් සෞඛ්‍ය අමාත්‍යවරිය බැරෑරුම් අවස්ථාවක රටට විහිළු සැපයීම නොකල යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ පරීක්ෂණ වාර්තා මගින් ආසාදිතයින් නොවන බව තහවුරු වී ඇති ජෝසෆ් ස්ටාලින් ඇතුළු වෘත්තිය සමිති ක්‍රියාකාරිකයන් තවදුරටත් රඳවා තබා ගැනීම පිළිබඳව සෞඛ්‍ය සේවාව වග කිව යුතු බවයි.

නිරෝධායන අත්අඩංගුව පිළිබඳව පොලිස් අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදුකරන සෘජු හෝ චෝදනාව පිළිබඳව විමර්ශනයක් කළ යුතු බව කුමුදේශ් මහතා පැවසිය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණ වසංගත විද්‍යාවට අදාලවම ගණු ලැබූ ඒවාද යන්න පිළිබදව බරපතල සැකයක් පවතින බැවින්, ඒවා පිළිබද නිසි විමර්ශනක් සිදු කර රටට කරුණු වාර්ථා කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමක් බව හෙතෙම පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *