• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අද වන විට PCR පරීක්ෂණ 228,052 ක්.

2 September 2020
in දේශීය

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ ඊයේ (01) දිනය තුළ දී පමණක් පීසීආර් පරීක්ෂණ 1,810ක් මෙරට සිදුකර ඇති බවයි. ඒ අනුව අද වන විට මෙරට සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ ගණන 228,052කි.

මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 3,092ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ දිනය තුළ නව ආසාදිතයින් 43 දෙනෙකු හඳුනා ගැනීමත් සමගය.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරන්නේ එම ආසාදිතයින් අතර කටාර් හි සිට පැමිණි 26ක්, කුවේට් සිටි පැමිණි 06ක්, මාලදිවයින සිට පැමිණි 06ක්, ඉන්දියාවේ සිට පැමිණි දෙදෙනෙක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අයෙකු සහ ඉන්දීය සිවිල් නාවික ආරක්ෂකයෙක් ද වන බවයි.

ඔවුන් සියලු දෙනා මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පිරිසක් බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ වන විට රෝගීන් 201 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, මෙරට සමස්ථ කොවිඩ් රෝගීන්ගෙන් 2,879 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

අද (02) උදෑසන වන විට ඩුබායි සිට සිවිල් නාවික ආරක්ෂක නිලධාරීන් 29 දෙනෙක් හා දෝහා කටාර් සිට පුද්ගලයින් 57 දෙනෙක් දිවයිනට පැමිණ ඇති අතර ඔවුන් සියලු දෙනා මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත.

එමෙන්ම අද දින නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 402ක් නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යෑමට නියමිතය.

අද වන විට ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 70ක් තුළ පුද්ගලයින් 7,990ක් නිරෝධායනය වෙමින් සිටින අතර පුද්ගලයින් 35,338 දෙනෙක් නිරෝධායන ක්‍රියාවලිය මේ වන විට අවසන් කර ඇත.

මේ අතර වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසන්නේ කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය පිළිබඳ පවතින අවදානම මනාව ලෙස වටහා ගනිමින් තවදුරටත් ඉන් ආරක්ෂාවීමට කටයුතු කළ යුතු බවයි.

Post Views: 13
Previous Post

කට පාඩම් කර ගැනීමට සීමා නොවු ප්‍රායෝගික අභියෝග ජයගැනීමේ ක්‍රමයක් සකස් කරනවා – අධ්‍යාපන ඇමැති

Next Post

20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීම අද

editor

editor

Next Post

20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීම අද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved