27 April 2024
#දේශීය

වික්‍රමාරච්චි ආයුර්වේදය විශ්ව විද්‍යාලයක් කිරීමට අමාත්‍ය මණ්ඩල තීන්දුවක්

ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය අංගසම්පූර්ණ විශ්වවිද්‍යාලයක් බවට උසස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි ව ඇති බව වාර්තා වෙයි.

මෙම ආයුර්වේද  විද්‍යායතනය මේ වන විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස පවතින අතර එයින්   ආයුර්වේද හා ඊට අනුබද්ධ විද්‍යාවන්හි උපාධි හා පශ්චාත් උපාධි පිරිනමනු ලබයි. 

ඒ අනුව, අමාත්‍ය මණ්ඩල තීරණය වී ඇත්තේ  මෙරට සාම්ප්‍රදායික දේශීය වෛද්‍ය ක්‍රම අධ්‍යයනය කෙරෙහි ප්‍රමුඛතාව ලබා දෙමින් පවත්වාගෙන යනු ලබන විශ්වවිද්‍යාලයක් ලෙස ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය උසස් කිරීමය.

ඒ  සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශය  උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *