27 April 2024
#දේශීය

කවුරුන් කුමක් සිදු කලද අවසානයේදී ජය ගත යුත්තේ දරුවන් – ආණ්ඩුකාර ලලිත් කියයි

කුමන පාර්ශවයන් කුමන මත දැරුවත් අවසානයේදී ජයගතයුත්තේ දරුවන් මිස වෙනත් පාර්ශව නොවන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ දීර්ඝ කාලයක් වසා තැබු පාසල් දරුවන් 200ට අඩු පාසල් නැවත විවෘත කිරීමත් සමග එම පාසල්වල ඉගැන්වීම් කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සදහා නිරීක්ෂණ චාරිකාවක (21) නිරත වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවක දීය.

මැදමහනුවර හා උඩුදුම්බර ප්‍රදේශ වල මැටිදෙණිය ප්‍රාථමික විද්‍යාලය, ගුරුළුපොත ප්‍රාථමික විද්‍යාලය, මහඇස්වැද්දුම ප්‍රාථමික විද්‍යාලය, උඩත්තව කණිෂ්ඨ විද්‍යාලය, පමුණුපුර මහ විද්‍යාලය යන නගරයට ආසන්න නොවු පාසල් වල තත්ත්වය විමසීමට ආණ්ඩුකාරවරයා මෙදින කටයුතු කළ අතර අයිතීන් ගැන කතා කරන විට ලක්ෂ 43ක් දරුවන් සිටින රටක අනාගතය තීරණය කිරීමේ ප්‍රධානතම සාධකය වන දරුවන්ගේ නිදහස් අධ්‍යාපනයේ අයිතිය ගැන ප්‍රමුඛව සිතිය යුතු බවත් ආකල්ප හා කුසලතා පූර්ණ දරු පිරිසක් බිහිකිරීම සදහා සියලු පාර්ශවයන් එක් ව කටයුතු කළ යුතු බව ආණ්ඩුකාරවරයා කියා සිටියේය.

එහිදී ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා මෙසේ අදහස් පල කලේය “පාසලේ සාර්ථකත්වය රහස හදවතක් ඇති ගුරුවරුන්” යන්න සැබෑවක් බවත් එය එපමණක් නොව රටේත් ලෝකයෙත් සාර්ථකත්වය පිටුපස ඇති යෝධ ශක්තිය මානව දයාවෙන් පූර්ණ හදවතක් ඇති ගුරු මවුවරුන් පියවරුන් බවත් ප්‍රකාශ කළ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, වර්තමාන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු රජය ගුරුවරුන්ගේ වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් සිය අවධානය යොමුකර වසර ගණනාවක් පැවති ගැටලුවක් විසදීම සදහා පියවර ගත් බවත්, ඉදිරි අයවැය යෝජනා යටතේ එම ඉල්ලීම් සදහා සාධරණ විසදුමක් ලබාදීම සදහා කටයුතු කර ඇති බව පවසා සිටියේය. තවද අවුරුදු 18 ට වැඩි පාසල් දරුවන් සදහා මෙන්ම වයස අවුරුදු 16 ට වැඩි පාසල් දරුවන් සදහා එන්නත් ලබාදීම සිදු කිරීම සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කොට ඇති අතර ඉන් 18 වැඩි දරුවන්ගේ එන්නත් කරන කටයතු නිරීක්ෂණය සදහාද තමන් සහභාගී වූ බවත් දරුවන්ගේ. සහ දෙමාපියන්ගේ උනන්දුව මේ සදහා දැඩිව තිබෙන බව නිරීක්ෂණය කළ බවද ප්‍රකාශ කොට සිටියේ ය. ලෝකයක් දන ගැස්සු වසංගතයක් හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තියද පහත වැටි පවතින අවස්ථාවක දරුවන්ගේ , රටේ හෙට දවස වෙනුවෙන් ගුරුවරුන්ගේ යහපත් ප්‍රතිචාරයක් ඉදිරි දින කිහිපයේදී තමා බලාපොරොත්තු වන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් එම මහතා ප්‍රකාශ කර සිටියේය.

මෙම නිරීක්ෂණ චාරිකාව සදහා මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ සභාපති, මිණිපේ ප්‍රාදේශිය සභාවේ සභාපති, පළාත් ප්‍රධාන ලේකම්, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, ආණ්ඩුකාර මහජන සම්බන්ධීකරණ නිළධාරී යන මහත්වරුන් ඇතුලු පිරිසක් ද එක් විය.

 

මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *