• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඡන්දයක් තිබෙන මානසිකත්වයක් දැන් ජනතාව තුළ නෑ – මන්ත්‍රී සමන්ප්‍රිය

12 August 2022
in දේශීය

දේශපාලන පක්ෂ මැතිවරණයක් ඉල්ලුවත් මෙය මැතිවරණයක් තිබිය යුතු කාලයක් නොවන අතර මැතිවරණයක් තිබෙන මානසිකත්වයක් දැන් ජනතාව තුළ නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පොදු ජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ අද (12) පැවැති මාධ්‍ය හමුව‌ට එක්වෙමිනි.

එහිදී අදහස් පල කල පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා “අපි පහුගිය කාලසීමාව පුරාම සමාජය තුළ ඇති වෙච්ච යම් යම් ආර්ථික අමාරුකම් ඔස්සේ ජනතාවගේ තිබිච්ච ඒ සැබෑ අරගලය පුහු අරගලකරුවන්ගේ සටන් පාඨයක් බවට පත්වෙලා අද වෙද්දි ඒහි ප්‍රජාතන්වාදිව කටයුතු කළ,69 ලක්ෂයක් ඡන්දය ගත්ත ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ රටෙන් පවා යන්න සිදු වුණා. පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි සර්ව පාක්ෂික ආණ්ඩුවට සහයෝගය ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම ජනාධිපතිතුමාට අපි පක්ෂයක් විදිහට කිසිම කොන්දේසියක් නොමැතිව මහජන මන්ත්‍රිවරු විදිහට උපරිම සහයෝගය ලබා දෙනවා. අනුර කුමාර දිසානායක මැතිතුමා පාහැදිලිව මේ වෙද්දි කියලා තියෙනවා මේ සර්ව පාක්ෂික ආණ්ඩුවට සහයෝගය ලබා දෙන්නේ නෑ කියලා. එතුමාගේ දෙබෙඩි පිළිවෙත පිළිබඳව අපිට විශාල කුකුසක් තිබෙනවා. අපි කියනවා සැබෑ ජනතාවාදි නායකයෙක් විදිහටද කටයුතු කරන්න කියලා. මේ කතා කරන අය මේ ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙලකට සහායෝගය ලබා දෙයි කියලා අපිට කිසිම විශ්වාසයක් නෑ. අනෙක් දේශපාලන පක්ෂ ඉල්ලන්නෙත් මැතිවරණයක්. මෙය මැතිවරණයක් තිබිය යුතු කාලයක් නොවේ. මැතිවරණයක් තිබෙන මානසිකත්වයක් දැන් ජනතාව තුළ නෑ. මේ අවස්ථාවේ සියලුදෙනා වගකීම් ඉෂ්ට කරන්නයි ඕන. දැන් මේ සඳහා හොඳටම කල්මැරුවා ඇති.

දැන් මේ රටේ භූමියෙන් උපරිම ප්‍රයෝජන අරගෙන මේ රටේ තිබෙන ආහාර ප්‍රශ්නය විසඳන්න ඒ වැඩපිළිවෙල ගේන්න ඕන. ඒ නිසා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා හැකි ඉක්මණින් කැබිනට් එකක් පත් කරලා ඒයට අවශ්‍ය විෂය පථය බෙදා දිලා ජනතාවට ඒ ආයතනවල සහයෝගය ලබාගෙන ඒ වැඩකටයුතු ඉස්සරහට අරගෙන යන්න අවස්ථාවක් ලබාදිය යුතුයි. අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමඟ ප්‍රතිපත්තිමය ගැටලුවක් තිබුණද නමුත් පක්ෂයක් විදිහට අපි තීන්දුවක් මත අපි එතුමාට සහයෝගය ලබා දුන්නා. සත්භාවයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට ලබා දුන්න සහයෝගය අරගෙන සහ අනෙකුත් සහයෝගයන් ලබාදෙන තවත් කණ්ඩායම් ඉන්නවානම් ඒ අයත් මේ සඳහා ගොනුගතවෙලා මේ රට ඉදිරියට රැගෙන යාමේ වැඩපිළිවෙළට එකතුවෙන්න. ඒ වගේම අපෙන් සමහර කොටස් කැඩිලා කල්ලි කණ්ඩායම් නායකයෝ බිහි කරගෙන ඉන්නවා. ඒ අය ඉල්ලන්නෙත් මැතිවරණයක්. මේ බොහෝ දෙනෙක් තේරී පත් වුණේ මේ සාටකයට පිං සිද්ධ වෙන්න. ඒ කාරණය මම හිතන්නේ මේ රටේ අමතක කරන්න පුළුවන් දෙයක් නොවේ. බොහෝ දෙනෙක් පත්වුණේ මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිතුමාට පින්සිද්ධ වෙන්න කියලා කියන්න ඕන. ඉදිරියට මේ රට ගෙනියන වැඩපිළිවෙළට අපි පක්ෂයක් විදිහට සහයෝගය ජනාධිපතිතුමා ලබාදෙනවා. සියලුදෙනාගේ සහයෝගය ජනාධිපතිතුමාට ලබාදිලා මේ සර්ව පාක්ෂික ආණ්ඩුව හදන වැඩිපිළිවෙළට කකුළෙන් අදින්නේ නැතිව සහයෝගය ලබා දෙන්න. ”යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා මෙහිදි සඳහන් කලේය.

 

Post Views: 16
Previous Post

පටු දේශපාලන වාසි ගැන නොසිතා රට ගැන හිතන්න – මන්ත්‍රී ඉන්දික

Next Post

කිසිදු මහජන දේපලක් අපතේ යෑමට ඉඩ ලබාදීය නොහැක – මධ්‍යම පළාත් ආණ්ඩුකාර

editor

editor

Next Post

කිසිදු මහජන දේපලක් අපතේ යෑමට ඉඩ ලබාදීය නොහැක - මධ්‍යම පළාත් ආණ්ඩුකාර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved