• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනතාවට තම තමන්ගේ බරත් පාලකයින්ගේ බරත් දෙකම කර තියාගෙන යන්න වෙලා – විපක්ෂනායක සජිත් කියයි

24 June 2022
in දේශීය

ජනතාවට සිදුව තිබෙන්නේ තම තමන්ගේ බරත් රට විනාස කරන දේශපාලඥයින්ගේ බරත් යන දෙකම කරට ගැනීමට බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ මහතා මේ පැවසුවේ 11 වැනි චෛත්‍යය ලෙස ගාල්ල, හිනිදුම, නාගොඩ මූලන ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ ඉදිකරන ලද ” චන්දවිමල නාහිමි සමරු මහා සෑරාජයාණන්” වහන්සේ සසුනට පූජා කිරීම ඊයේ (23)සිදු කල අවස්ථාවට එක්වෙමිනි.

ජනතාවගේ දුක නොතේරෙන ආණ්ඩුව ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කරමින් සිටින බව හෙතෙම පැවසු අතර ආණ්ඩුව කරන ඇත්තන්ට ජන දුක පිළිබඳව පිළිබඳව කිසිදු වගක් නැති බව ද පැවසීය.

සමගි ජන බලවේගයට ඇත්තේ ඉලක්ක සපුරන වැඩපිළිවෙළක් බවත් ඒ වෙනුවෙන් සමගි ජනබලවේගය ඇප කැප වෙන බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආණ්ඩුවකින් මිනිස්සු බලාපොරොත්තු වන්නේ විසඳුම් මිස කරන්නට බැරි අඳෝනාවන් නොවන බව පැවසූ ඔහු,නමුත් දෙවසරක ආණ්ඩුව යටතේ අද ජනතාවට උරුම වී ඇත්තේ දේශපාලන රංගන පමණක් බවද පැවසීය.

දෙකොන දැල්වෙන විලක්කුවක් සේ යුද්ධ දෙකක් තිබූ රටක් භාරගත් රණසිංහ ප්‍රේමදාස මහතා එදා නොහැකියාව සහ බැරිකම ගැන කියමින් නොසිට වැඩ කළ බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

වැඩ බැරිකම ගැන අඳෝනා නොකියූ ප්‍රේමදාස මහතා ඒ වෙනුවට වැඩ කරන හැටි පෙන්නු බව ද ඒ් මහතා කියා සිටියේය.

රටේ ප්‍රශ්න විසඳන බවට කියා බලය ලබාගත් පාලකයින් රටම ඛේදවාචකයකට තල්ලු වී තිබියදීත් පොදු ජනතාව පෝලිම් වල ලතවෙමින් සිටියදීත් වායු සමීකරණ යන්ත්‍ර දමාගෙන යෝගා කරමින් සිටින බව කී විපක්ෂ නායකවරයා මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ මිනිසුන්ගේ දුකට මුවා වී හෝ තමන්ගේ මඩිය තරකර ගැනීම බවද පැවසීය.

Post Views: 9
Previous Post

ලබු ගිරවෙකු ළග තබාගත් අයෙකු දැලේ

Next Post

ඖෂධ වලින් ගසා කෑම නවත්වන්න – රවි කුමුදේශ්

editor

editor

Next Post

ඖෂධ වලින් ගසා කෑම නවත්වන්න - රවි කුමුදේශ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved