• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අනුරාධපුරේ අය ගම්පහ වගේ වෙන්න එපා – දුමින්ද කියයි

18 July 2020
in දේශීය

සමහරුන් තම කණ්ඩායමට මනාප ලබා දෙන්නට එපා යැයි පවසන අතර මනාප කියන දේ බලෙන් ලබා ගත නොහැකි බවත් අනුරාධපුර අය ගම්පහ වගේ වෙන්න එපා යැයි හිටපු අමාත්‍යය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුරයේ පැවති ජන හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා “ අපි කාටවත් බනින්නේ නෑ, සමහරු නම් අපිට මනාප දෙන්න එපා කියාගෙන යනවානේ.අපි මනාප දෙන්න එපා කියලා නොයෙක් දේවල් කියනවා.අපි නම් කාටවත් දෙන්න එපා කියලා කියන්නේ නෑ,මනාප බලෙන් ගන්නත් බෑ, බලෙන් දෙන්නත් බෑ.මනාප 03 ගහන කොට වැඩක් කර ගන්න පුළුවන් අයත් එක්ක සම්බන්ධ වෙන්න.සමහර අය ඉන්නවා හිටපු ඇමතිවරු මොනවද කලේ අහනවා. එහෙම අහන අය මෙහෙ අය නම් තව කමක් නෑ, අනුරාධපුරයේ ඇඩ්රස් එකක්වත් නෑ, හැබැයි හිටපු එවුන් මොනවද කලේ අහනවා.අපි අහන්නේ එයා මොනවද කරලා තියෙන්නේ? වැලි තාච්චියක්වත් දාලා තියෙනවාද? 1948 ඉඳන් අවුරුදු 72 ක් තුළ තාම සියලුම වැඩ ඉවර වෙලා නෑ තමයි.පිට එවුන් ඇවිත් අහනවා හිටපු එවුන් මොනවද කලේ කියලා.වැලි තාච්චියක්වත් දාලා නැතිව, ඇඩ්රස් එකක් දන්නේ නැතිව අහනවා එහෙම.ඒ නිසා බොහෝම පරිස්සමින් මේ මනාපය පාවිච්චි කරන්න. අනුරාධපුර අය ගම්පහ වගේ වෙන්න එපා.ගම්පහ අය දෙපාරක්ම කෙළව ගත්තා.අපි කියනවා බුද්ධිමත්ම, ආර්ථිකය ශක්තිමත්ම පළාත කියලා හැබැයි දෙපාරක් කෙලවගත්තා.පහුගිය කාලේ ඔබතුමන්ලාම පාර්ලිමේන්තුව වහන්න, ඒකේ ඉන්න එවුන් මැරෙන්න ඔ්න කියලා කිව්වා.හැබැයි එකෙක් – දෙන්නෙක් කරන වැරදි වලට 225 ම බැණුම් අහන්න ඔ්නද? ඒ නිසා හරි හමන් එවුන් පාර්ලිමේන්තු යවන්න ඕන.වැඩක් කරන්න පුලුවන්, ගමේ රටේ ජීවත් වෙන, අපේ කියන එවුන් ටිකක් එක්ක අපි මේ ගමන යන්න අවශ්‍යයි.තව කෙනෙක් කියනවාලු, මට කියන්න එපා ළමයි ඉස්කෝලේ දාලා දෙන්න කියලා, මගෙන් රැකියා ඉල්ලන්නත් එපා.මම ඉන්නේ ජාත්‍යන්තරයෙන් මුදල් අරන් ඒන්න කියලා කියනවාලු.සල්ල අරන් එනවා නම් මහ බැංකුවේ රස්සාවක් දෙන්න ඕන.අපිට කරදරයක් නෑ ඒතකොට. පාර්ලිමේන්තු යවන එකාගෙන් අපිට ඔ්න කැඩිච්ච පාර හදාගන්න, වැව හදාගන්න, එහෙම නම් අපි තේරුම් ගන්න ඔ්න, අපිට ගැලපෙන, පොළවේ පයගහලා ඉන්න අපිට වැඩක් කර ගන්න පුළුවන් කට්ටිය කවුද කියලා.ඒ නිසා වරද්දගෙන කෑවෝ කෑවෝ කියන්න එපා.මේක පෙට්ටියට දැම්මට පස්සේ ගන්න බෑ ආයේ.ආයේ අරන් මකලා ගහන්න බෑ.හරියට හොයලා හරියට හිතලා ගහන්න ඔ්න ඔබතුමන්ලාගේ ඡන්දය.ඒ හරහා තමයි ගමට වැඩක් කර ගන්න පුලුවන්කම තියෙන්නේ.

කාන්තා සමිතියට ඉවුම් පිහුම් කට්ටලයක් දුන්නම කාන්තාවන්ගේ කට කනේ, ආයේ ගෙදර ඉන්න මිනිහටත් වඩා ලොකුයි ඒවා දුන්න එකා, ඌ ඉන්න තැනක් දන්නෙත් නෑ, අදුරන්නෙත් නෑ, අර සාස් පාන් කට්ටලය ලඟ තියාගෙන කියනවා ෂෝක් මහත්තයා මේ මහත්තයා ගැනත් හිතන්න වෙනවා කියලා.අවුරුදු 05 කට පාරක් එන ඡන්දයේ මනාපයක් ගහනවා අර සාස්පාන් කට්ටලයට.මරණාධාර සමිතියට පුටු 05 ක් දුන්නමත් එහෙමයි.හට් එක හදලා දුන්න එකා, සමිති ශාලාව හදලා දුන්න එකා වෙනයි, අවුරුදු ගානක් උදව් කරපු එකා අමතකයි ඡන්දේ කාලෙට පුටු ටිකක් ගේන එකා ගැන හිතන්න වෙනවාලු.පන්සලට ලවුඩ්ස්පීකරයක් දුන්නම ඒ ලවුඩ්ස්පීකරයෙන්ම හාමුදුරුවෝ කියනවා ශෝක් මහත්තයා, අපිට තීබුණ අඩුව පුරවලා දුන්නා ඒ නිසා මේ පාර පොඩ්ඩක් හිතන්න වෙනවා කියලා.ඔහොම නේද කතිර ගහන්නේ.අපි එක පාරක් උදැල්ලටත් ගැහුවා නේද කතිරය.මෙච්චර පොළවත් එක්ක හැප්පෙන අපේ ගෙදර උදලු දෙක තුනක් තිබ්බත්, අලුත් කිඹුලා උදැල්ලක් ගේ ඉස්සරහා ගෙනත් තිබ්බම අනේ කෙළපි උදැල්ල නිසා.කළා නේද මේක.අපි දේශපාලනය කරන්න ඕන, ඡන්දේ කාලේ කරන්න ඕන තමන් කැමති පක්ෂයට බලය දෙන එක. ඒ බලය දීලා වැඩ කරන්න පුළුවන් පිරිසක් පාර්ලිමේන්තු යවන එක.ඊට පස්සේ කරන්න ඕන අපිට බැණ බැණ ඉන්න ඒක නෙමෙයි අපෙන් වැඩ ගන්න යැයිද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

Post Views: 3
Previous Post

කන්දකාඩු ගිය අමුත්තන් – ඥාතීන් කාටවත් කොරෝනා නෑ – හමුදාපති

Next Post

පෞද්ගලික සේවකයින්ගේ රැකියා සුරක්ෂිතභාවය ගැන ත්‍රෛපාර්ශවිය කමිටුවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට

editor

editor

Next Post

පෞද්ගලික සේවකයින්ගේ රැකියා සුරක්ෂිතභාවය ගැන ත්‍රෛපාර්ශවිය කමිටුවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved