• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහජන චීන සමූහාණ්ඩුව නව ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා රාජකාරි භාර ගනී

17 December 2020
in දේශීය

මහජන චීන සමූහාණ්ඩුව සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ඊයේ (16) අන්තර්ජාලය ඔස්සේ සිය රාජකාරි කටයුතු ආරම්භ කර ඇත.

පුළුල් අත්දැකීම් සහිත ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන ආචාර්ය පාලිත කොහොන මහතා 009 සිට 2015 දක්වා එක්සත් ජාතීන්ගේ හිටපු නිත්‍ය නියෝජිතවරයා විය. 2009 අගෝස්තු දක්වා එතුමා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්වරයා වූ අතර, සාම ක්‍රියාවලිය සම්බන්ධීකරණය කිරීමේ මහ ලේකම් කාර්යාලයේ හිටපු මහ ලේකම්වරයා ද විය. එතුමා මීට පෙර 2006 දක්වා එක්සත් ජාතීන්ගේ නීති කටයුතු කාර්යාලයේ විශාලතම හස්තය වූ, නිව්යෝක් හි එක්සත් ජාතීන්ගේ ගිවිසුම් අංශයේ ප්‍රධානියා විය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන කළමනාකරණ නවෝත්පාදනයන් හඳුන්වා දීමේ වගකීම එතුමා දැරූ අතර, ඉහළ කාර්යය සාධනයක් සහ කාර්යක්ෂමතාවයක් සඳහා එක්සත් ජාතීන්ගේ 21 PIN අංකය එතුමාට හිමි විය. ආචාර්ය කොහොන මහතා 2013 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ හය වැනි කමිටුවේ (නෛතික) සභාපතිවරයා වූ අතර, ජාතික අධිකරණ බලයෙන් ඔබ්බට ගිය ජෛව විවිධත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ සම සභාපතිවරයා ද විය. එතුමා වෙළඳ, ආර්ථික සම්බන්ධතා, ගුවන් සේවා, ධීවර, පරිසරය, විශේෂයෙන් දේශගුණික විපර්යාස සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධ සාකච්ඡා සඳහා සහභාගී වී ඇත.

තානාපති ආචාර්ය කොහොන මැතිතුමා සිය ද්විතීයික අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ලබා ගත්තේය. එතුමා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයෙන් එල්.එල්.බී. (ගෞරව) උපාධිය, ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ එල්.එල්.එම්. පශ්චාත් උපාධිය සහ ජාත්‍යන්තර ආර්ථික නීතිය පිළිබඳ නිබන්ධනයක් සඳහා එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ද ලබා ගත්තේය. එතුමා උසස් කළමනාකරණය සඳහා UN21 PIN ලාභියෙකි.

Post Views: 3
Previous Post

ලංකා ප්‍රිමියර්ලීග් තරගාවලියේ ශූරතාව ජැෆ්නා ස්ටැලියන්ස් හිමිවෙයි

Next Post

කොවිඩ් 19 ආසාදිතයින්ට ප්‍රතිකාර ලබා දීමට නව මධ්‍යස්ථාන ඉදිකෙරේ

editor

editor

Next Post

කොවිඩ් 19 ආසාදිතයින්ට ප්‍රතිකාර ලබා දීමට නව මධ්‍යස්ථාන ඉදිකෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved