27 April 2024
#දේශීය

නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීමේදී ජනතාව අපහසුතාවයට පත් නොකල යුතුයි – පොලිස්පතිගෙන් උපදෙස්

නීරෝධයන නීතිය ක්‍රියාත්මක කිරීමේදී වාහන හා පුද්ගලයින් පරීක්ෂාවේදී මහජනතාව අපහසුතාවයට පත්වන ආකාරයෙන් කටයුතු නොකල යුතු බව පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පවසයි.

පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් එම උපදෙස් ලබාදී ඇත.

මාධ්‍ය ඔස්සේ ඇතැම් පොලිස් නිලධාරීන් මහජනතාව අපහසුතාවයට පත්වන ආකාරය සම්බන්ධ දර්ශන දිගින් දිගටම පෙන්වීම තුළින් එම පුද්ගලයින්ගේ ආත්ම ගරුත්වයට කැළලක් වී ඔවුන් සමාජය ඉදිරියේ අපහසුතාවට පත්වන බවද පොලිස්පතිවරයා සඳහන් කර තිබේ.

මේ හේතුවෙන් වහාම ක්‍රියාත්මන වන පරිදි පුද්ගලයින් හා වාහන පරීක්ෂා කිරීමේදී එවැනි ක්‍රියා අත්හිටුවන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අදාළ චක්‍රලේඛය මඟින් උපදෙස් ලබාදී ඇති බව සඳහන්ය.

කෙසේ වෙතත් එවැනි ක්‍රියා වාර්තා වුවහොත් අදාළ නිලධාරීන්ට සහ ස්ථාන භාර නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිස්පතිවරයා අදාළ චක්‍රලේඛය මඟින් පෙන්වා දී තිබේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *