මහජන බැංකුවේ 2025 වාර්ෂික වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් පිළිගැන්වීම පසුගියදා කොළඹ 01 පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය.
මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු සහ ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන් විසින් මෙම වාර්තාව ජනාධිපතිවරයා වෙත භාර දෙන ලදී.
මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මෙන්ම භාණ්ඩාගාර ලේකම් සහ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ද සහභාගී වූහ. රජයේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් ලෙස මහජන බැංකුවේ මූල්‍ය ස්ථාවරත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.














