• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මධුජිත් එන්න මල් පිපීදැයි බලන්න.

සද පෙන්වූ විට ඇගිල්ල දෙස බලා නන්දොඩවන පේරාදෙණියේ මහත්වරු

28 June 2026
in දේශීය, පුවත්
මධුජිත් එන්න මල් පිපීදැයි බලන්න.
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter
සද පෙන්වූ විට, ඒ දෙස බලමින්, කවියන් කව් පබදින්නටද, ගී ලියන්නන්, ගී ලියන්නටද, විද්‍යාඥයන් ඒ පිළිබදව පර්යේෂණ සිදුකරන්නටද ආදී වශයෙන් නොයෙක් ආකාරයේ ක‍්‍රියාමාර්ගවල නියැලෙන්නාහ. බුද්ධිමත්හු තමන් වෙත පෙන්වා දෙන යමක් සම්ව්න්ධයෙන් කටයුතු කරන්නේ එසේය.
එසේ මුත් අඥාණ තැනැත්තේ, සද දෙසට දිගු කරන ලද ඇගිල්ල දෙස බලමින් එහි පාට, ඉරි, නියපොතු ඇදී තිබීම, ආදී අවශේෂ කරුණු ගැන වදවීමය. අපට මේ පූර්විකාව ලියන්නට සිදුවූයේ පසුගිය දිනවල පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අදාළව අප විසින් හෙළිදරව් කරන ලද කරුණු පිලිබදව පේරාදෙණියේ ඉහල බලධාරීන් සහ “සම- හරක්” තැනැත්තන් විසින් කටයුතු කරමින් සිටින ආකාරය හේතුකොටගෙනය.
එසේම බහුතරයක් වන විශ්වවිද්‍යාල ප‍්‍රජාව සම සිතින් මෙම විවේචන ඉවසා සිටියද “සම – හරක්” තැනැත්තන් විවේක කාමර වලද, ආපනශාලාවන්හීදීද, ගස් ගල් යටද, බෝක්කු උඩද, මෙම හෙලිදරව් කිරීම් මගින් පේරාදෙණියේ කීර්තිනාමයට හානි සිදුවන බවට පොළවේ පස් කමින් වැළපෙන බවද අපට දැනගැනීමට ඇත.
එම “සම- හරක්ට” කිව යුත්තේ අපකීර්තියක් සිදු වන්නේ නම් එසේ වන්නේ මෙවැනි තක්කඩි ක‍්‍රියාවන් සිදුකරන්නන් අතින් මිස ඒවා හෙලිදරව් කිරීමෙන් නොවන බවය. “රජා හෙළුවෙන්” යන විට ඒ බව කීමට අපට බියක් හෝ චකිතයක් නැත.
අප පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදුව තිබෙන තක්කඩිකම් ගණනාවක් පිළිබදව හෙලිදරව් කරනු ලැබුවේ ඒ පිළිබදව වන තහවුරු කල හැකි සාධක ප‍්‍රමාණවත් තරම් අප අත තබාගෙනය.මෙම කරුණු බොරු බවට කිසිවෙකු මෙතෙක් අභියෝග කර නැත.අප කියා ඇති කරුණු සම්පූර්ණයෙන්ම “අතේ රෝල්” වන්නේ නම් ඒ පිළිබදව ගත හැකි බුද්ධිමත් ක‍්‍රියාමාර්ග ගනනාවක් ඇත.
නිවැරදි කරුණු ඉදිරිපත් කරමින් නිවැරදි කිරීමක් ඉල්ලා සිටීම, අදාල නියාමන ආයතනයකට පැමිණිලි කිරීම හෝ අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීම ආදිය ඒ අතර වෙයි.
හැබැයි ඉහත ක‍්‍රියාමාර්ග ගත හැක්කේ හෙලිදරව් කල කරුණු “අතේ රෝල්” වන්නේ නම් පමණකි.හෙලිදරව් කරන ලද කරුණු අනුව තමන්ගේ පාර්ශවයේ යම් යම් අඩුපාඩු ඇත්නම් පේරාදෙණියේ පාලකයන් සිදුකල යුත්තේ එකී අඩුපාඩු නිවැරදි කර දුෂිත පුද්ගලයන් සදහා නිසි ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීමය.
එසේ නොමැතිව තමන් සිදුකර තිබෙන සියළු ක‍්‍රියාවන් පරම නිවැරදි කටයුතු බව සිතමින් තම රාජධානියේ සිට “පාලූ ගෙයි වලං බිදින්නාසේ” මෙම “හෙලිදරව් කිරීම් පසුපස කිසියම් පුද්ගලයන් පිරිසක් සිටින බවට” උපකල්පනය කරමින් ඔවුන් කවුරුන්දැයි සොයා ගැනීම සදහා (Find Who are behind ) වැර වෑයම් කිරීම ඵළදායී කටයුත්තක් නොවන බව කියා සිටිමට අපි කැමැත්තෙමු.
TTV News ආයතනය මෙරට පවතින සියළු නීති රීතීන්ට යටත්ව පවත්වාගෙන යනු ලබන පිළිගත්, ප‍්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක් බවත්, අපගේ දුරකථන අංක, ලියාපදිංචි ලිපිනය සහ කතෘවරුන් කවුරුන්ද යනාදී සියළු තොරතුරු අප නිසි ලෙස හෙලිදරව් කර තිබෙන බවත් මතක් කර දීමට කැමැත්තෙමු.කිසිවෙකුට ගැටළුවක් ඇත්නම් දුරකථන මගින්, ලිපි මගින් හෝ අන්‍යාකාරයෙන් අප සමග සන්නිවේදය කිරීමේ කිසිදු බාධාවක් නැත.එසේම මෙරට උත්තරීතර නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් භාෂණයේ ප‍්‍රකාශයේ සහ අදහස් පලකිරීමේ නිදහස තහවුරු කර තිබෙන බවද, තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබද පනත මගින් එය වැඩිදුරටත් බලගන්වා තිබෙන බවද, මතක් කර දීමට අපි කැමැත්තෙමු.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය, එහි උපකුලපති හෝ වෙනයම් බලධාරියෙකු නීතියට ඉහලින් සිටින බව අප කල්පනා කරන්නේ නැත.එසේම පේරාදෙණිය විශ්වවිද්‍යාලය කිසිවෙකුගේ “නින්දගමක්” නොව “මහජන දේපලක්” බව අපි දැන සිටිමු.ඒ නිසාවෙන් මහජන මුදලින් නඩත්තු වන මෙම ආයතන වල එම මහජන මුදල් නැති නාස්ති කිරීමේ කටයුතු සිද්ධ වේ නම් සහ නීතියටත් සදාචාරයටත් එරෙහි තක්කඩි ක‍්‍රියා සිදු වේ නම් ඒවා ජනතාව වෙත හෙලිදරව් කිරීමේ පරම වගකීමක් මාධ්‍ය ආයතනයක් ලෙසට අපට තිබෙන බව අප විශ්වාස කරන්නෙමු.උපකුලපති මධුජිත් ඇතුළු බලධාරීන් සිදුකල යුත්තේ එම සාධනීය විවේචන ඉවසමින් තම වැරදි නිවැරදි කර ගැනීමය.
ඊට ප‍්‍රතිලෝමව පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ එහි උපකුලපති සිටින්නේ නීතියට ඉහලින් බවත්, “නීතිය යනු උපකුලපති මධුජිත් කැමැති දේ පමණකැයි” ඔහු සිතන්නේ නම් සිදුකල හැකි කටයුතු කිහිපයක් යෝජනා කිරීමටද අප කැමතිය.
ඒ අනුව පේරාදෙණිය බලධාරීන්ට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් එහි තුන්වන පරිච්ඡේදයේ 14 (i) ව්‍යවස්ථාවේ සහතික කර තිබෙන භාෂණයේ ප‍්‍රකාශණයේ සහ අදහස් පලකිරීමේ නිදහස අහෝසිකර දැමිය හැක.මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පමණක් දෙවැනිව ක‍්‍රියාත්මක වන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිලිබද පනත අහෝසිකර දැමිය හැක.එසේම “රාජ්‍ය රහස් පනත” වැනි බලවත් පනතක් සම්මත කර “පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රහස්” මහජනතාවට දැනගැනීම වලක්වා ලිය හැක.
ටෙරන්ස් මධුජිත් ”රාජ්‍යය යනු මම” යැයි කියූ ප‍්‍රංශයේ xiv වන ලූවී රජු නොවන බැවින් එය කිසිදා කල නොහැකි කාර්යයක් බව ඔහු අවබෝධ කරගනු ඇතැයි අපි සද්භාවයෙන් යුතුව සිතන්නෙමු.
Post Views: 14
Previous Post

වේල්ලවීදියේ අභිරහස් ඝාතනය සිනමාවට Room No 106 සත්‍ය සිදුවීමේ සැඟවුණු පැති හෙළි කරයි!

Next Post

ගමට සිනමාව ගෙනයන්න අලුත් වැඩක්…

Editor TTV News

Editor TTV News

Next Post
ගමට සිනමාව ගෙනයන්න අලුත් වැඩක්…

ගමට සිනමාව ගෙනයන්න අලුත් වැඩක්...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved