නිදා සිටින පුද්ගලයෙකු ඇහැරීම සදහා තට්ටුවක් දැමීම වුවත් ප‍්‍රමාණවත්ය.එහෙත් හොරට නිදාගෙන සිටින්නන් ඇහැරීම සදහා හොරණෑ පිඹීමෙන් වුවත් පලක් වන්නේ නැත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ආහාර විද්‍යා හා තාක්‍ෂණික දෙපාර්තමේන්තුවේ ප‍්‍රශ්න පත‍්‍ර ගිනි තැබීම සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාල පාලකයන්ගේ නිද්‍රාශීලීත්වය පෙන්නුම් කරන්නේ එම සත්‍යයයි.
ආහාර විද්‍යා හා තාක්‍ෂණික දෙපාර්තමේන්තුවේ (Food Science and Technology ) කථිකාචාර්ය එන්.වයි.
ජයනාත් යන අය විසින් සිදුකර තිබෙන බවට චෝදනා එල්ලවූ විභාග පිලිතුරුපත් ගිනිබත් කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආයතන සංග‍්‍රහයේ ප‍්‍රතිපාදන ප‍්‍රකාර විශ්වවිද්‍යාලයේ කීර්ති නාමයට හානි කිරීම, සම්බන්ධතා අතර ගැටුමක් ඇතිවන ආකාරයට කටයුතු කිරීම, නොසැලකිලිමත්කම, විභාග නීති රීති කඩ කිරීම, නිල වශයෙන් භුක්ති විදින විශ්වාසය කඩ කිරීම ආදී වශයෙන් වන බරපතල චෝදනා 10 ක් එල්ල කරමින් ඒ සම්බන්ධයෙන් විභාග කොට වාර්ථා කිරීමට ඒක පුද්ගල විනිශ්චය සභාවක් පත්කොට තිබේ.
විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා විසින් සිදුකරන ලද මෙම පරීක්‍ෂණයේදී එල්ල කර තිබෙන චෝදනා 10 න් බරපතල චෝදනා 9 කට ජයනාත් නැමැත්තා වරදකරු වන බව තීරණය කර තිබේ.
මෙම පරීක්‍ෂණ කටයුත්ත තුලදී තමන් විසින් කියන ලද අමූලික බොරු තහවුරු කිරීම සදහා ජයනාත් නැමැත්තා විසින් ගරුවරියක ලෙස සේවය කරන සිය බිරිදව ද, සොහොයුරියන් දෙදෙනාද , පාවිච්චි කර තිබෙන අතර එහිදී ජයනාත් නැමැත්තා සහ ඔහුගේ සොහොයුරියන් විසින් කියන ලද අමූලික බොරු බිරිදගේ සාක්‍ෂිය මගින් අසත්‍ය බවට හෙලිදරව්වූ විසුළු සහගත තත්ත්වයක්ද උද්ගතව තිබේ.
මේ සම්බන්ධ මූලික පරීක්‍ෂණයේදී ජයනාත් නැමැත්තා ප‍්‍රකාශ කර ඇත්තේ අදාල ප‍්‍රශ්නගත විභාග පිලිතුරු පත් කට්ටල අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ පිහිටා ඇති සිය මහගෙදරට ගෙන ගොස් තබා තිබෙන බවයි.
ඒ අනුව අධ්‍යනාංශ ප්‍රධාන ආචාර්ය ඉරේෂා මෙන්ඩිස් ගේ උපදෙස් පරිදි විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්යමණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකු ඇතුළු කණ්ඩායමක් ජයනාත් නැමැත්තාද සමග විශ්වවිද්‍යාල වාහනයක් යොදාගෙන අම්බලන්ගොඩ නිවස වෙත ගොස් පිළිතුරුපත් කට්ටල රැගෙන ඒමට උත්සාහ කර තිබේ.
අම්බලන්ගොඩ නිවසේ රැදී සිටි ජයනාත් නැමැත්තාගේ සොහොයුරියන් දෙදෙනෙකු ප‍්‍රකාශ කර ඇත්තේ අදාල පිලිතුරු පත් කට්ටල ගිනිබත් කර විනාශ කර තිබෙන බවයි.ඒ අනුව අදාල පිරිස හිස් අතින් නැවත පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙත පැමිණ ඇත.
එහෙත් ලලිත් ඒකනායක මහතා හමුවේ සාක්‍ෂි ලබාදී තිබෙන ජයනාත් නැමැත්තාගේ බිරිද වන ප‍්‍රභාෂි සෞම්‍යා ජයවීර යන අය සිය සාක්‍ෂියේදී ප‍්‍රකාශ කර ඇත්තේ පේරාදෙණිය ඊරියගම ප‍්‍රදේශයේ ඔවුන් පදිංචිව සිටි කුලී නිවසේදී අදාල පිලිතුරු පත් කට්ටල තමන් විසින් ගිනි තැබූ බවය.
ඒ අනුව ජයනාත් නැමැති අයගේ ප්‍රකාශ විශ්වසනීයත්වයෙන් තොර බව පරීක්‍ෂණ නිලධාරි වරයා විසින් තීරණය කර ඇත.
ලලිත් ඒකනායක මහතා සිය වාර්ථාවේ 33 වන පිටුවේ තුන් වන ඡේදයේ ඒ පිලිබදව සටහන් කර ඇත්තේ මෙලෙසිනි.
“කරුණු එසේ වුවද ජයනාත් මහතා විසින් වී 08 ලෙස සලකුණු කර ඇති ලේඛනයට අනුව දැනුම් දී ඇත්තේ අම්බලන්ගොඩ තම නිවසේ මෙම පිලිතුරු පත්‍ර ඇති බවයි.එම ලිඛිත ප්‍රකාශය සිදුකර ඇත්තේ 2020-09- 11 දිනය.එහිදී ජයනාත් මහතා පිලිතුරු පත්‍ර තම භාර්යාව විසින් 2019-08- 30 වන දින විනාශ කල බව දැන දැනම 2020-09- 11 වන දින අම්බලන්ගොඩ නිවසේ පිලිතුරු පත්‍ර ඇති බව හගවා අම්බලන්ගොඩ තම නිවස වෙත විශ්වවිද්‍යාලයේ නිල වාහනයක් යොමු කිරීම ජයනාත් මහතාගේ නිලයට කිසිසේත් නොගැලපෙන කාර් යයක් වන අතර එහිදී දැන දැනම රජයට මහත් පාඩුවක් සිදුකරමින් අසත්‍ය ප්‍රකාශ ලබාදී ඇති බව මනාව පැහැදිලි වේ.”
එසේම ඒකනායක මහතා සිය වාර්තාවේ 38 වන පිටුවේ පලමු ඡේදයේ කියා ඇති කරුණු ද ඉතා වැදගත් ය.ඔහු මෙසේ කියා ඇත.
“ඉදිරිපත්වූ සාක්ශි වලට අනුව උල්පත්කුඹුර ශිෂ්‍යාව සබැදිව ශිෂ්‍ය -ගුරු සම්බන්ධතාවයට එහා ගිය සම්බන්ධතාවයක් ගොඩ නැගීමට කටයුතු කර ඇත්තේ චූදිත නිලධාරීම බව මනාව පිලිඹිඹු වේ.”
මෙයින් ඔප්පු වී ඇත්තේ ජයනාත් නැමැත්තා පන්සිල් වල තුන් වන සිල් පදය බිද දමමින් පරදාර සේවනයේ යෙදී ඇති බවයයි තේරුම් ගත නොහැක්කේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉහල බලධාරින්ට පමණක් විය යුතුය.
ඒ අනුව විශ්වවිද්‍යාල බලධාරින් දැන් කල යුත්තේ මෙම දූෂිතයාට සුදුහුණු ගාන්නට ගොස් තමන් කැත කුණු ඇගේ තවරා ගැනීම නොව දැන දැනම රජයට පාඩු සිදුකිරීම සම්බන්ධයෙන් ජයනාත් නැමැත්තාට එරෙහිව අල්ලස් කොමිසට,විගණකාධිපතිට හෝ වෙනත් සුදුසු බලධාරියෙකු වෙත පැමිණිලි කිරීම සහ යට ගසා ඇති ෆයිල් දිගහැර මෙම නීති විරෝධීවූත් සදාචාර විරෝධී වූත් අවකල් කියා කල පුද්ගයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග නැවත සක්‍රීය කිරීමය.පේරාදෙණිය උපකුලපති ඇතුළු බලධාරින් එසේ නොකර තම ගෝලයා බේරාගැනීමට කැස කවන්නේ නම් ඔවුන් සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට ක්ලීන් ශ්‍රී ලංකාවක්තැනීමට වෙහෙසෙන ජනාධිපතිවරයා පසුබට විය යුතු නැත.
මතු සම්බන්ධයි…
















