ළමාවංශ ඇතුළු පිරිස සියලු සාධක තුසිල් වීරසේකරගේ නිතරග ජයග්‍රහණයට හිතකර වන ලෙස සලසාදීමෙන් පසුව, තුන්වන වරටත් අභ්‍යන්තර විගණක තනතුර සඳහා අයදුම්පත් කැඳවා ඇත. මෙම සුවිශේෂී තනතුර අතිශයින්ම “වියත්මග” සාමාජික තුසිල් සඳහාම පමණක් බවත්, වෙනත් කිසිවෙකුට එය ලබාගත නොහැකි බවත් පැහැදිලි වී තිබූ බැවින්, තුසිල් හැර වෙනත් කිසිදු අයදුම්කරුවෙකු ඊට ඉදිරිපත් වී නැත.
මෙම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට පත්කර තිබූ එක් පුද්ගලයෙකු මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පිරවුම්හල් හිමිකරුවෙකු වන අතර, ඔහු එවකට පැවැති ඉන්ධන හිඟය පැවැති සමයේ ළමාවංශ උපකුලපතිවරයා වෙත ඉන්ධන සැපයීමට කටයුතු කළ අයෙකු බවද පැවසේ. මෙවැනි පරිසරයක් හිතාමතාම නිර්මාණය කර ඇති පසුබිමක, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) ලේකම් ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතාටද වෙනත් යමක් කිරීමට ඉඩක් නොතිබූ අතර, සැලසුම් කළ පරිදිම එකම තරගකරුවා වූ තුසිල් එකී තනතුරට සුදුස්සා බවට වන නිර්දේශයට අත්සන් කිරීමට ඔහුට සිදුව තිබේ.
කෙසේ වෙතත්, මෙම ක්‍රියාමාර්ගය පිළිබඳව ප්‍රේමකුමාර මහතා හොඳින් දැන සිටින්නට ඇති බවට සැකයක් නොමැති අතර, වසර දෙකක් පුරා එකී පත්කිරීම සිදු නොකර පවත්වාගෙන ගොස් ඇත්තේද එබැවින් විය හැකි බව පෙන්වා දෙනු ලැබේ.
මෙම ක්‍රියාවලියේ අවසන් අදියර ලෙස අභ්‍යන්තර විගණක ලෙස තුසිල් වීරසේකර පත්කිරීමට සැලසුම් කළද, යූජීසීය ඊට බාධා කිරීම හේතුවෙන් එය සැලසුම් කළ කාලසීමාව තුළ ඉටු කරගැනීමට වියත්මග ක්‍රියාකාරීන්ට හැකිවී නැත. එබැවින් මූල්‍ය පාලන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය මූල්‍යාධිකාරීවරයෙකු ලෙස සේවය කරමින් සිටි තුසිල් වීරසේකර අභ්‍යන්තර විගණන අංශයට වැඩ බලන පදනමින් අනුයුක්ත කර එහි බලය තහවුරු කිරීමට පියවර ගෙන ඇත.
ඊට බාධාවක් වූයේ ඒ වන විටත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර විගණන අංශයේ නියෝජ්‍ය අභ්‍යන්තර විගණකවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ සහකාර අභ්‍යන්තර විගණකවරියක් රාජකාරියේ නියුතුව සිටීමයි. ඒ අනුව, පේරාදෙණිය අභ්‍යන්තර විගණන අංශයේ නියෝජ්‍ය අභ්‍යන්තර විගණක ලෙස සේවය කළ කොඩිතුවක්කු නැමැති නිලධාරියා අනුප්‍රාප්තිකයෙකු නොමැතිව ස්ථාන මාරු කරමින් අභ්‍යන්තර විගණන අංශයේ පුරප්පාඩුවක් ඇති කර ඇති අතර, එකී පුරප්පාඩුව සඳහා තුසිල් වීරසේකර පත්කර පසුව ඔහු වැඩ බලන අභ්‍යන්තර විගණක ලෙස උසස් කර තිබේ.
මෙම සියලු කටයුතු සිදුකර ඇත්තේ වියත්මග දේශපාලන ව්‍යාපෘතියේ ඔවුන්ගේ සගයා වූ ළමාවංශ මහතා විසින් වන බැවින්, මෙම සමස්ත ක්‍රියාවලිය තුළ පරස්පර සහ නියත නැඹුරුතාවයක් (Conflict of Interest) පවතින බව පෙනී යයි.
එසේම පේරාදෙණියට පමණක් සුවිශේෂී වූ අභ්‍යන්තර විගණක තනතුරක පවතින අවශ්‍යතාව කුමක්ද යන්න පිළිබඳව යූජීසීය ඇතුළු බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය. විශ්වවිද්‍යාල පද්ධතිය පුරා විහිදුණු සංවිධානාත්මක අභ්‍යන්තර විගණන ක්‍රමවේදයක් පවතින අතර, ප්‍රධාන අභ්‍යන්තර විගණකවරයා යූජීසීයේ සිටින අතරතුර සියලු විශ්වවිද්‍යාල සඳහා නියෝජ්‍ය අභ්‍යන්තර විගණකවරුන් පත්කර ඇත. අභ්‍යන්තර විගණක ලෙස තනතුරේ නම පමණක් වෙනස් කළද, ඔහුගේ කාර්යභාරය පෙරදී නියෝජ්‍ය අභ්‍යන්තර විගණකවරයා විසින් ඉටුකරන ලද කාර්යභාරයමය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මේ වන විට එකී නියෝජ්‍ය අභ්‍යන්තර විගණක තනතුරේ ශානක රොඩ්රිගෝ මහතා කටයුතු කරයි. තුසිල් වීරසේකරගේ පත්කිරීම මගින් නිසි සුදුසුකම්ලත් නියෝජ්‍ය අභ්‍යන්තර විගණක ශානක රොඩ්රිගෝ මහතාගේ තනතුර නාමික තත්ත්වයකට ලඝු කර ඇති අතර, මේ වන විට ඔහු නිශ්චිත කාර්යභාරයක් නැති නිලධාරියෙකුගේ තත්ත්වයට පත්ව ඇති බව පැවසෙයි. ඒ අනුව එකම කාර්යය වෙනුවෙන් වැටුප් දෙකක් ගෙවමින් පුද්ගලයන් දෙදෙනෙකු යෙදවීමේ පරිපාලනමය ගැටලුවක් මෙතැනදීත් නිර්මාණය වී ඇත.
ආරක්ෂක අංශය සඳහා ප්‍රධාන ආරක්ෂක නිලධාරියා සිටියදී අධ්‍යක්ෂවරයෙකු පත්කරමින් සිදුකළ ක්‍රියාව මෙන්ම, මෙතැනදීද නැවත රජයට නිෂ්කාර්ය වැය බරක් නිර්මාණය කර ඇති බව වාර්තා වේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා මෙම තත්ත්වය අවබෝධ කරගෙන සිටියද, කෝප් කමිටුවේදී ඒ පිළිබඳව නිහඬව සිට ඇති බව කියැවේ. වගකිවයුතු රාජ්‍ය ආයතනයක් ලෙස යූජීසීය, දේශපාලන මාෆියාවන්ගේ බලපෑම්වලට යට නොවී මෙම තනතුර සහ තුසිල් වීරසේකරගේ පත්වීම් නිර්දේශය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකළ යුතු බව විශ්වවිද්‍යාල පරිපාලන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.
















