මෙරට විදුලිබල සම්ප්‍රේෂණ ජාලය ශක්තිමත් හා නවීකරණය කෙරෙන දැවැන්ත ව්‍යාපෘතියක් ලෙස සැලකෙන “බලශක්ති පද්ධතිය බලගැන්වීමේ සහ පුනර්ජනනීය බලශක්ති අවශෝෂණය කිරීමේ ව්‍යාපෘතිය“ (POWER SYSTEM STRENGTHENING AND RENEWABLE ENERGY INTEGRATION PROJECT – PACKAGE 1B) යටතේ හෝමාගම 132/33 kV ග්‍රිඩ් උපපොළේ ඉදිකිරීම් කටයුතු හෝමාගමදී ආරම්භ කෙරුණි.
ඒ ඊයේ (13) බලශක්ති, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙනි. ආසියානු සංවර්ධන බැංකුවේ සහන ණය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 328.25ක දැවැන්ත ආයෝජනයකින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය හරහා මෙරට ජාතික විදුලිබල පද්ධතියේ විශ්වාසනීයත්වය වැඩිදියුණු කිරීම සහ අනාගත පුනර්ජනනීය බලශක්ති ඒකාබද්ධ කිරීම සඳහා ශක්තිමත් ජාලයක් සැකසීම අරමුණු කර ඇත.
















