ළමාවංශ ඇතුළු පිරිසේ සැලසුමෙහි පළමු පියවරට අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර විගණක තනතුර සදහා අයදුම්පත් කැදවන ලද අතර එහිදී එකී තනතුර සදහා සුදුසුකම් ලත් නිලධාරීන් දෙදෙනෙකුම ඉදිරිපත්වන ලදි.ඒ මූල්‍ය පාලන දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටි වරලත් ගණකාධිකාරීන් වන යූ.ඩබ්.රාජ්මාල් සහ ජයලාල් පොන්නම්පෙරුම යන අයය.සැලකිය යුතු කාරණය වන්නේ මෙම මුල් අවස්ථාවේදී තුසිල් වීරසේකර එකී තනතුරට නිසි සුදුසුකම් සපුරා නොතිබුන බැවින් අයදුම්කර නොතිබීමය.
එකී සම්මුඛ පරීක්‍ෂණයේදී රාජ්මාල් මහතාට ඉහල ලකුණු ලැබී තිබුන නමුත් උපකුලපති ළමාවංශගේ දැඩි විරෝධය හමුවේ රාජ්මාල් මහතා එකී තනතුරට නිර්දේශ කර තිබී නැත.
මේ වන විට හෙලිදරව් වී ඇති පරිදි මහාචාර්ය ළමාවංශ රාජ්මාල්ට සම්මුඛ පරීක්‍ෂයේ අසුන් ගැනීමටවත් ඉඩ ලබානොදී වාචික ප‍්‍රහාරයක් එල්ලකර ඔහු දුර්මුඛ කර තිබේ.මෙම තත්ත්වය හේතුවෙන් අතිශය කලකිරීමට පත් රාජ්මාල් සප්ත වාර්ෂික නිවාඩු ලබාගෙන විශ්වවිද්‍යාල සේවයෙන් තාවකාලිකව ඉවත්ව යාමට කටයුතු කර තිබේ.
ඉන් අනතුරුව අභ්‍යන්තර විගණක තනතුර සදහා නැවත අයදුම්පත් කැදවන අතර ඒ සදහා පෞද්ගලික අංශයේ සේවය කල පලපුරුදු වරලත් ගණකාධිකාරීවරයෙකු ඉදිරිපත්ව ඇතත් සැගවුන අරමුණ තුසිල් වීරසේකරගේ සුදුසුකම් සම්පූර්ණ වන තෙක් තනතුර පුරප්පාඩුව පවත්වා ගැනීම හෙයින් එවරද සුදුස්සන් කිසිවෙකු නොමැති ලෙස සලකා නැවත අයදුම්පත් කැදවීමට තීරණය කර ඇත.
දැන් වියත්මගේ සගයන්ට තුසිල් වීරසේකරට පොරොන්දු වූ ත්‍යාගය වන අභ්‍යන්තර විගණක තනතුර බන්දේසියක තබා ලබාදීමට හැකි නමුත් ඊට තවත් එක බාධකයක් ඉතිරිව තිබුනි.එය නම් වරලත් ගණකාධිකාරීවරයෙකු සහ තුසිල්ට වඩා සුදුසුකම් සහිත ජයලාල් පොන්නම්පෙරුම තවමත් තරග භූමියේ ඉතිරිව සිටීමය.
ඒ අනුව අරම්පත් සහ ළමාවංශ එක්ව සිදුකල තවත් මෙහෙයුමක් මගින් ජයලාල් පොන්නම්පෙරුමට දුෂණ චෝදනා එල්ල කර වැඩ තහනමකට ලක් කරනු ලැබ තිබේ.ඒ වන විට තුසිල් වීරසේකරගේ සේවා පලපුරුද්ද සදහා වන කාලය සම්පූර්ණ වී තිබුන අතර තරගකරුවන් සියල්ල තරගයෙන් ඉවත්කර ඇති බැවින් තනි අශ්වයෙකුගේ රේස් එකකින් තරගය ජයග‍්‍රහණය කිරීමට ඉතා සියුම් ලෙස තුසිල්ට අවස්ථාව සලසා දී තිබුනි.
– මතු සම්බන්ධයි
















