• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පේරාදෙණියේ PRO ගේ වංචා දුෂණ ගැන ජනාධිපතිට පැමිණිල්ලක්

මහජන මුදල් ගසාකන බවට චෝදනා

19 August 2026
in දේශීය, පුවත්
පේරාදෙණියේ PRO ගේ  වංචා දුෂණ ගැන ජනාධිපතිට පැමිණිල්ලක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහජන සම්බන්ධතා නිලධාරී ලෙස පෙනී සිටින මහේෂ් අබේවික්‍රම නමැත්තා විසින් මහජන මුදල් ගසාකමින් අයුතු පෞද්ගලික ලාභ ලබාගැනීම සම්බන්ධයෙන් ඉහළ පෙළේ පරීක්ෂණයක් ඉල්ලා සිටිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බව අප වෙත වාර්තා වේ.
අල්ලස් කොමිසම සහ විගණකාධිපතිටද පිටපත් සහිතව ඉදිරිපත් කර තිබෙන මෙම පැමිණිල්ල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ “දූෂණ විරෝධී පෙරමුණ” නම් සංවිධානයක් මගින් ඉදිරිපත් කර ඇත.
මෙමගින් මෙම තැනැත්තා විසින් උපකුලපති නිල නිවසේ සංවිධානය කරන සාද සඳහා මහජන මුදලින් මත්පැන් සහ කේටරින් සේවා සැපයීමත්, එකී සේවා තම හිතවතුන්ට ලබාදීම මගින් විශාල අමතර ආදායමක් ලබාගැනීමත්, අදාළ මත්පැන් සහ කේටරින් සේවා සඳහා ටෙන්ඩර් කැඳවීමක් සිදු නොකිරීමත් සම්බන්ධයෙන් බරපතල චෝදනාවක් එල්ල කර ඇත. අදාළ පැමිණිල්ල මගින් කියා ඇති පරිදි ඒ සඳහා මොහුගේ හිතවත් ආයතන කිහිපයකට පමණක් අවස්ථාව ලබාදේ. ටෙන්ඩර් ක්‍රියාවලිය සිදුකළ බව පෙන්වීම සඳහා එකම ආයතනයකින් වෙනස් ලිපි ශීර්ෂවල මිල කැඳවීම් තුනක් රැගෙන විත් ෆයිල් කරයි. මෙම මිල ගණන් වෙළඳපොළේ වෙනත් තරගකාරී ආයතනවල මිල ගණන්වලට දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩිය. එසේ වැඩියෙන් සටහන් කරන මුදල යන්නේ මොහුගේ සාක්කුවටය. මෙම කාර්යයන් උපකුලපතිගේ පෞද්ගලික කාර්යයන් වන නිසා ඔහු එකී බිල්පත්වලට ඇස් පියාගෙන අත්සන් කරයි. එම නිසා මොහුගේ ගසාකෑම පහසු වී තිබේ. පසුගිය වසර කිහිපයේ එසේ පවත්වන ලද සාද සඳහා ඉදිරිපත් කරන ලද බිල්පත් විගණනයට ලක් කළහොත් මෙම වංචාව හෙළිදරව් කරගත හැකි වන බව පැමිණිලිකරුවෝ කියා සිටිති.
එසේම උපකුලපති නිල නිවසේ පැවැත්වෙන පෞද්ගලික සාද සඳහා රජයේ මුදලින් මත්පැන් මිලදී ගැනීමට කටයුතු කිරීමත් මොහුට එල්ල වී තිබෙන තවත් චෝදනාවකි. මෙම බිල්පත්වල මත්පැන් යනුවෙන් සටහන් නොකර ඒ වෙනුවට වෙනත් සේවාවන් ලබාගත් ලෙස සටහන් කර අධික මුදලක් ඇතුළත් කර මත්පැන්වල ගණන එමගින් පියවා ගන්නා බවත්, මෙම බිල්පත් පරීක්ෂා කළහොත් මිල ගණන්වල අසාමාන්‍ය තත්ත්වය මත මෙම හොරය හෙළිදරව් කරගත හැකි වන බවත් එමගින් කියා ඇත.
රජයේ මුදල් රෙගුලාසි අනුව මහජන සම්බන්ධතා නිලධාරී වශයෙන් මොහුට මුදල් අත්තිකාරම් ලබාගත නොහැකි වුවද, මොහු විශාල ප්‍රමාණවලින් මුදල් අත්තිකාරම් ලබාගෙන ඇති බවත්, එම මුදල් අත්තිකාරම් පියවීම සඳහා ඉදිරිපත් කර තිබෙන බිල්පත්වලට උපකුලපති නිල නිවසේ ආහාර ද්‍රව්‍ය, පළතුරු සහ බීම වර්ග මිලදී ගැනීම්ද ඇතුළත් වන බවත් තවත් චෝදනාවකි. අදාළ බිල්පත් පරීක්ෂා කිරීමෙන් සත්‍ය හෙළිදරව් කරගත හැකි බවත් පැමිණිල්ල මගින් කියා ඇත.
අදාළ පැමිණිල්ල මගින් කියා ඇති පරිදි මොහුගේ තවත් අමතර ආදායම් මාර්ගයක් වී ඇති බව කියනුයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය නැරඹීමට එන බාහිර තැනැත්තන්ගෙන් මුදල් අයකිරීම සහ මංගල උත්සව හා ටෙලිනාට්‍ය රූපගත කිරීම් සඳහා විශ්වවිද්‍යාල භූමිය භාවිතා කිරීමට ඉඩ ලබාදෙමින් මුදල් ලබාගැනීමයි. මෙම මුදල් විශ්වවිද්‍යාල ගිණුම්වලට බැරකර රිසිට්පත් ඉදිරිපත් කිරීමෙන් පසුව අදාළ අවසරපත් නිකුත් කළ යුතු වුවත්, මොහු බොහෝ විට ආරක්ෂක අංශයට අවසර ලබාදී තිබෙන බව වාචිකව දන්වා එකී ගාස්තු මුදල් ලබාගෙන ඔහුගේ සාක්කුවට දමාගන්නා බවට චෝදනා කෙරේ. එවැනි ටෙලිනාට්‍ය සහ ගීත රූගත කිරීම්වලින් පමණක් මොහු මසකට විශාල මුදලක් උපයාගන්නා බව කියන පැමිණිලිකරුවන්, මෙම මුදල් විශ්වවිද්‍යාලයේ ආදායම් මංකොල්ලකෑමක් ලෙස හැඳින්විය හැකි බවත් කියමින් ඒ සම්බන්ධයෙන් ඉහළ පෙළේ විමර්ශනයක් ඉල්ලා සිටී.
රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් බරපතල චෝදනා එල්ල වී තිබෙන පසුබිමක, ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකර සත්‍ය හෙළිදරව් කරගැනීම අදාළ බලධාරීන්ගේ වගකීමක් බවද පැමිණිල්ල මගින් කියා සිටී.
Post Views: 3
Previous Post

පුතාගේ අන්තිම හීනය හැබෑ කළ ආදරණීය තාත්තා!

Next Post

ගොවීන්ට සාධාරණ මිලක් දෙන්න යල කන්නයේ වී මිලදී ගැනීම ඇරඹේ!

Editor TTV News

Editor TTV News

Next Post
ගොවීන්ට සාධාරණ මිලක් දෙන්න යල කන්නයේ වී මිලදී ගැනීම ඇරඹේ!

ගොවීන්ට සාධාරණ මිලක් දෙන්න යල කන්නයේ වී මිලදී ගැනීම ඇරඹේ!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

18 August 2026
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

18 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved