• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හමුදාවෙන් විශ්‍රාම ගැන්වූ අයෙක් පේරාදෙණියේ ආරක්ෂක අධ්‍යක්ෂ ලෙස පත්කර මහජන මුදලින් ලක්ෂ 10ක වැටුප් ගෙවීම කෝප් කමිටුවේදී හෙළිවෙයි

6 August 2026
in දේශීය, පුවත්
හමුදාවෙන් විශ්‍රාම ගැන්වූ අයෙක් පේරාදෙණියේ ආරක්ෂක අධ්‍යක්ෂ ලෙස පත්කර මහජන මුදලින් ලක්ෂ 10ක වැටුප් ගෙවීම  කෝප් කමිටුවේදී හෙළිවෙයි
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබෙන එච්.එම්.එච්.ඒ. කපිලරත්න නමැති විශ්‍රාමික මේජර්වරයා, යුධ හමුදා වෛද්‍ය මණ්ඩලයක් මගින් වෛද්‍ය හේතු මත (එක් ඇසක ස්ථීර ආබාධිත තත්ත්වය හේතුවෙන්) සේවයට නුසුදුසු බව තීරණය කර විශ්‍රාම ගැන්වූ අයෙකු බව ඊයේ (05) පැවැති කෝප් කමිටු රැස්වීමේදී හෙළිදරව් වී තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයා 2024 වර්ෂයේදී විමර්ශන කටයුත්තකට අදාළව වැඩ තහනමට ලක්කිරීම හේතුවෙන්, අදාළ තනතුරේ වැඩ ආවරණය කිරීම සඳහා මෙම පුද්ගලයා කොන්ත්‍රාත් පදනම මත මුලින් බඳවාගෙන ඇත.
කෙසේ වෙතත්, ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයා සිය වැඩ තහනමට එරෙහිව අභියාචනාධිකරණයේ ගොනු කළ රිට් පෙත්සමකට අනුව, ඔහුව නැවත සේවයේ පිහිටුවන ලෙස 2025 සැප්තැම්බර් 12 වන දින අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරිණි. එම අතුරු තහනම් නියෝගය නිකුත් වීමත් සමග විශ්වවිද්‍යාල බලධාරීන් එතෙක් විශ්වවිද්‍යාල පද්ධතියේ නොමැති “අධ්‍යක්ෂ (ආරක්ෂක)” නමැති නව තනතුරක් ඇති කර, කොන්ත්‍රාත් පදනම මත සිටි කපිලරත්න නමැත්තා එකී තනතුරට උසස් කිරීමට කටයුතු කර තිබේ. මෙම තනතුර ඇති කිරීම සහ උසස් කිරීම එකම පාලක සභා සංදේශයකින් එකම දිනයකදී සිදුකර තිබීමෙන්, අදාළ තනතුර මෙම පුද්ගලයා වෙනුවෙන්ම නිර්මාණය කරන ලද්දක් බව පෙනී යයි.
විශ්වවිද්‍යාල පද්ධතිය සඳහා නව තනතුරු ඇති කිරීම සහ නිල නාමයන් වෙනස් කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ බලතලවලට අයත් වන අතර, ඊට අමතරව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ සහ වැටුප් හා සංඛ්‍යා ලේඛන කොමිෂන් සභාවේ අනුමැතියද අනිවාර්ය වේ. එහෙත් මෙම අධ්‍යක්ෂ (ආරක්ෂක) තනතුර සඳහා එකී අනුමැතීන් කිසිවක් ලබාගෙන නොමැති බව කෝප් කමිටුවේදී තහවුරු වී ඇත.
අනුමත බඳවා ගැනීමේ පටිපාටියකින් හෝ වැටුප් ව්‍යූහයකින් තොරව බඳවා ගත් මෙම පුද්ගලයාට රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මාසික වැටුපක් ගෙවා ඇති අතර, සමස්තයක් ලෙස ලක්ෂ 10ක පමණ මහජන මුදලක් ගෙවා තිබේ. ආයතන සංග්‍රහයට අනුව වැඩ තහනමකට ලක්වූ නිලධාරියෙකුගේ වැඩ බලීමට බැහැරින් කොන්ත්‍රාත් පදනමට පුද්ගලයන් බඳවා ගැනීමට කිසිදු ප්‍රතිපාදනයක් නොමැති පසුබිමක මෙම පත්වීම ලබාදීම දැඩි අක්‍රමිකතාවකි.
එසේම, වෛද්‍ය හේතු මත සේවයට නුසුදුසු යැයි තීරණය කළ පුද්ගලයෙකු නැවත රාජ්‍ය සේවයේ යෝග්‍යතාවයක් අවශ්‍ය තනතුරකට පත්කිරීම මෙන්ම, මෙම පත්වීම ලබන අවස්ථාව වන විටත් ඔහු ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් පූර්ණ වැටුප් ලබමින් සිටීම නිසා රාජ්‍ය සේවයේ තනතුරු දෙකකින් පූර්ණ වැටුප් ලබාගැනීමේ වංචාවක් සිදුව ඇති බවත්, ඒ පිළිබඳව දැනටමත් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් ආරංචි මාර්ග පවසයි.
Post Views: 17
Previous Post

හෙට දිනයට කාලගුණයෙන් රතු එළියක්

Next Post

වියළි කලාපයේ වගා හානි සඳහා කඩිනමින් වන්දි ගෙවීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් පියවර

Editor TTV News

Editor TTV News

Next Post
වියළි කලාපයේ වගා හානි සඳහා  කඩිනමින් වන්දි ගෙවීමට  කෘෂිකාර්මික හා ගොවිජන  රක්ෂණ මණ්ඩලයෙන් පියවර

වියළි කලාපයේ වගා හානි සඳහා කඩිනමින් වන්දි ගෙවීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් පියවර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved