හෙට (අගෝස්තු 07) දිනයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇදහැලීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ දෛනික කාලගුණ අනාවැකියට අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර සහ නුවරඑළිය වැනි ප්‍රදේශවලට මෙම තද වැසි සහ තද සුළං ඇති වීමේ වැඩි අවදානමක් පවතියි. මේ හේතුවෙන් අදාළ ප්‍රදේශවල ජනතාවට සහ රියැදුරන්ට දැඩි විමසිලිමත් වන ලෙස අවවාද කර ඇත.














