අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ.
මෙම සිද්ධියට අදාළ චෝදනා එල්ල වී ඇත්තේ 2013 වසරේදී ඔහු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදීය. ආයෝජන මණ්ඩලයට අදාළ කටයුත්තක් ඉටු කර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ දහයක අල්ලසක් ලබා ගැනීම මෙම චෝදනාවට පාදක වී ඇත.
අල්ලස් පනත යටතේ චෝදනා දෙකක් යටතේ මෙම නඩුව පවරා ඇති බව වාර්තා වේ.
















