• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උපකුලපති මධුජිත් මූලික බොරු කියයි…!

අධ්‍යක්‍ෂ (ආරක්ෂක) පත්කර ඇත්තේ ඒහි භික්ෂු භාවයෙන් මහණ කලා වගෙයි

1 June 2026
in දේශීය, පුවත්
උපකුලපති මධුජිත් මූලික බොරු කියයි…!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
උපකුලපති ටෙරන්ස් මධුජිත් සිය මාධ්‍ය නිවේදනය මගින් අධ්‍යක්‍ෂ (ආරක්‍ෂක) ගේ පත්කිරීම නිසි පටිපාටියට අනුව සිදුව ඇති බව කියා සිටින බැවින් ඊට පිලිතුරු ලෙස අප වෙත ලැබී තිබෙන ලේඛනගත සාක්‍ෂි අනුව පහත නිශ්චිත කරුණු ගෙන හැර දක්වන අතර හැකිනම් එම කරුණු වැරදි බව කියන මෙන් ආරාධනා කර සිටින්නෙමු.
අධ්‍යක්‍ෂ (ආරක්‍ෂක) යනුවෙන් තනතුරක් මෙරට කිසිදු විශ්වවිද්‍යාලයක ස්ථාපිත කර නොමැති අතර එවැනි තනතුරක් සදහා අනුමත බදවා ගැනීමේ පටිපාටියක් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නිකුත් කර නැත.
විශ්වවිද්‍යාල පද්ධතිය සදහා නව තනතුරු ඇති කිරීම හෝ පවතින තනතුරු නාමයන් වෙනස් කිරීම සම්පූර්ණයෙන්ම විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂමේ කාර්යයක් වන අතර නව තනතුරක් ස්ථාපිත කිරීමේදී ජාතික වැටුප් සහ සේවක කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගැනීමද අනිවාර්ය වේ.
අධ්‍යක්‍ෂ (ආරක්‍ෂක) තනතුර සදහා මෙතෙක් අදාල අනුමැතිය ලබා නොමැත.ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක අධ්‍යක්‍ෂක නම් තනතුර නිසි නෛතික ස්ථාපිත කිරීමක් රහිත තනතුරකි.
අධ්‍යක්‍ෂ (ආරක්‍ෂක) තනතුර සදහා පුද්ගලයෙකු බදවා ගැනීම සදහා කිසිදු අයදුම්පත් කැදවීමක් සිදුකර නැත.
2025 අගෝස්තු මස 15 වන දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාව වෙත ඉදිරිපත් කරන ලද සංදේශයක් මගින් අධ්‍යක්‍ෂ ආරක්‍ෂක නැමැති තනතුර ස්ථාපිත කර එදිනම, එම සංදේශය මගින්ම, මෙම පුද්ගලයා එකී තනතුරට උසස් කිරීම සිදුකර තිබේ.ඒ අනුව කපිලරත්න නැමැති මෙම තැනැත්තා අධ්‍යක්‍ෂ (ආරක්‍ෂක) නම් තනතුරට පත්කර ඇත්තේ ”ඒහි භික්ෂු භාවයෙන් මහණකරනවා සේය”(බුදුන් වහන්සේට මෙහි එව මහණ යයි අඩගසා එසැණින් පුද්ගලයෙකු මහණ කිරීමේ හැකියාවක් තිබුණි.එය ඒහි භික්ෂුු භාවයෙන් මහණ කිරීම යනුවෙන් හදුන්වයි)
මෙසේ ”ඒහි භික්ෂු භාවයෙන් මහණ කරනවා සේ ” තනතුරු ලබාදීමේ හැකියාවක් රාජ්‍ය ආයතනවල නොමැති අතර එවැනි ක‍්‍රියාවන් පෞද්ගලික සමාගම්, බූදල් භාරයන් සහ නින්දගම් වැනි, අයිතිකරුවන්ගේ තනි කැමැත්තට වැඩ කල හැකි ස්ථානවල සිදුකල හැකි වුවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය උපකුලපති මධුජිත්ගේ හෝ වෙනත් කිසිවෙකුගේ බූදලයක්, නින්දගමක් හෝ සමාගමක් නොවන නිසා එවැනි ක‍්‍රියාවන් සිදුකිරීම නීත්‍යාණුකූල නැත.
උපකුලපතිවරයා සිය නිවේදනයේ ප‍්‍රධාන ආරක්‍ෂක නිලධාරීවරයාට රාජකාරීන් පැවරීමට අධිකරණ තීන්දුවක් හරස්ව තිබෙන නිසා හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා මෙම පුද්ගලයා බදවා ගත් බව කියයි. විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන සදහා වන ආයතන සංග‍්‍රහයේ එවැනි අවස්ථාවන් සදහා නිශ්චිත ප‍්‍රතිපාදන සලසා තිබේ. ඊට අනුව වැඩ බලන පත්කිරීම් නොකල යුතු අතර කාර්යක්‍ෂමතාවයට හානියක් නොවන ලෙස අනෙකුත් නිලධාරීන් අතර වැඩ බෙදාදිය යුතුය.කොන්ත‍්‍රාත්කාරයන් බදවා ගැනීම සදහා කිසිදු ප‍්‍රතිපාදනයක් එවැනි අවස්ථාවලට අදාලව සලසා නොමැති බව නම් වගකීමකින් යුතුව කිව හැකිය. එම ප‍්‍රතිපාදනය සොයාගැනීමට හැකියාවක් නැත්නම් අපවෙත දැන්වුවහොත් සොයාදීමට හැකියාව ඇත.
කපිලරත්න නැමැත්තා සෞඛ්‍ය හේතු මත සේවයට නුසුදුසු ලෙස සලකා විශ‍්‍රාම ගන්වා තිබෙන අතර ඔහුට අවුරුදු 55 දක්වා පූර්ණ වැටුප් හිමිවන්නේ ඒ පදනමිනි.අපගේ ප‍්‍රශ්නය සෞඛ්‍ය තත්ත්වය මත යුධ හමුදාවේ සේවයට නුසුදුසු පුද්ගලයෙකු රාජ්‍ය ආයතනයක් වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක අධ්‍යක්‍ෂ තනතුරට සුදුසු වූයේ කෙසේද යන්නයි.
මෙම පුද්ගලයා අදාල තනතුරට පත් කිරීමේදී ඔහුගේ සෞඛ්‍ය යෝග්‍යතාවය, රාත‍්‍රී රාජකාරීන් සදහා වන යෝග්‍යතාවය සහ යුධ හමුදාවෙන් සේවය හැරයාමේදී ලබාදෙන සේවා වාර්ථාව සම්බන්ධයෙන් අවධාණය යොමුකර නැති අතර මෙම තනතුර පැය 24 සේවයට කැපවී සිටිය යුතු නිලයක් වුවත් මොහු කිසිදු විටෙක රාත‍්‍රී රාජකාරීන් සදහා විශ්වවිද්‍යාලයට පැමිණෙන්නේ නැති බවද දැනගන්නට ඇත.
උපකුලපති මධුජිත් සිය මාධ්‍ය නිවේදනයේ ”මෙම පත්වීම තුල මූල්‍ය වංචාවක් ඇති බවට පුවතෙන් කරන චෝදනාවද සම්පූර්ණයෙන්ම පදනම් විරහිතය.”යනුවෙන් කියයි. මෙම පත්වීම තුල මූල්‍ය වංචාවක් තිබෙන බව අපනම් කියා නැත.උපකුලපතිවරයා එය අහුලා ගත්තේ කොතැනින් දැයි අප දන්නේ නැත.
අප කියා ඇත්තේ අදාල පුද්ගලයා රජයේ ආයතන දෙකක් නොමග යවමින් නීතියට පටහැනිව පූර්ණ වැටුප් දෙකක් ලබාගනිමින් සිටින බවය.වංචාව ඇත්තේ පත්වීම තුල නොව එම පත්වීම භාරගනිමින් වැටුප් දෙකක් ලබාගන්නා පුද්ගලයා තුලය.ඒ සම්බන්ධයෙන් ඔහුට අනාගතයේ අල්ලස් කොමිසම වැනි ආයතන ඉදිරියේ කරුණු කීමට සිදුවීම නම් නියතය.
Post Views: 0
Previous Post

මෙනින්ජයිටීස් සහ ඉබෝලා වෛරසය සඳහා මෙරට සූදානම සෞඛ්‍ය ඇමති පෙන්වයි

Next Post

ඉන්ධනවල මිල වැඩි කළේ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් පවත්වාගෙන යෑමට බලශක්ති ඇමති

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්ධනවල මිල වැඩි කළේ  අඛණ්ඩ ඉන්ධන සැපයුමක්  පවත්වාගෙන යෑමට   බලශක්ති ඇමති

ඉන්ධනවල මිල වැඩි කළේ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් පවත්වාගෙන යෑමට බලශක්ති ඇමති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved