2021 වසරේදී එවකට උපකුලපති උපුල් දිසානායක මහතාගේ පියා අභාවප්‍රාප්ත වූ අවස්ථාවේදී, එකී මෘතදේහය තැන්පත් කර තිබූ විශ්වවිද්‍යාල භූමියෙන් බැහැර පේරාදෙණිය, ඊරියගම, ප්‍රියන්ත මල් ශාලාවට (වර්තමානයේ ෆොන්සේකා මල් ශාලාව) විශ්වවිද්‍යාල අභ්‍යන්තර ආරක්‍ෂක අංශයේ නිලධාරීන් දෙදෙනෙකුගේ ආරක්‍ෂාව දින දෙකක් සහ පැය 24 පුරා ලබාදීමට එවකට වැඩබලන ප්‍රධාන ආරක්‍ෂක නිලධාරී ඩිනාල් රත්නායක විසින් කටයුතු කර ඇත.
මේ බවට වන පැමිණිල්ල 2022 ජනවාරි මස දිනෙක උපකුලපතිවරයාගේ ප්‍රධානත්වයෙන් වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදී පැවැති ආරක්‍ෂක නිලධාරීන් සඳහා වන රැස්වීමේදී, එකී නීතිවිරෝධී රාජකාරියට යොදවන ලද ආරක්‍ෂක නියාමක නිලන්ත ඉගුරුවත්ත විසින් ප්‍රසිද්ධියේ සිදුකරන ලදි. මෙම අවස්ථාවේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත්, වැඩබලන ලේඛකාධිකාරී ජයන්තා ධර්මසිරි යන වගකිවයුත්තන් ඉදිරියේ උපකුලපති මහාචාර්ය ළමාවංශ ප්‍රකාශ කර තිබුණේ “හිටපු උපකුලපතිවරයාගේ පියාට පිං පිණිස එකී කටයුත්ත සිදු කළ බවට හිත හදාගන්නා ලෙසයි.”
කිසිවෙකුට පිං පිණිස රජයේ දේපළ අවභාවිතා කිරීමට නීතියෙන් ඉඩක් නොමැති බව ළමාවංශ නොදන්නවා විය හැක. මේ කාරණය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙන බව දැනගන්නට ඇත. මෙම පැමිණිල්ල සිදුකළ නිලන්ත ඉගුරුවත්ත පසුගිය දිනෙක හදිසියේම සිය රැකියාවෙන් ඉල්ලා අස්වී ගෙදර ගොස් තිබෙන අතර, එකී ඉල්ලා අස්වීමට මෙම සිදුවීමෙහි සෘජු හෝ වක්‍ර සම්බන්ධයක් හෝ බලපෑමක් තිබේදැයි සොයා බැලීමේ වගකීම අල්ලස් කොමිසම ඇතුළු බලධාරීන් සතුය.
















