• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කසළ දාහකය සල්ලි ගිලින බහිරවයෙක් වෙලා…

24 July 2026
in දේශීය, පුවත්
කතරගම යන බැතිමතුන්ට  විශේෂ දැනුම්දීමක්…
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter
පේරාදෙණිය විශ්වවිද්‍යාලය දෛනිකව සැලකිය යුතු කසළ තොගයක් පරිසරයට බැහැර කරයි. මීට වසර ගණනකට පෙර මෙම කසළ එකතු කර ගොහාගොඩ කසළ අංගනයට බැහැර කිරීම සිදු කරනු ලැබීය.
මෙම කසළ තොගය පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළම ගොඩනගන ලද කසළ දාහකයක් මගින් දහනය කිරීම සඳහා වන යෝජනාවක් 2022 වසරේදී ඉදිරිපත්ව තිබෙන අතර, එය මහත් උනන්දුවෙන් පිළිගත් එවකට විශ්වවිද්‍යාලයේ ඉහළ පරිපාලනය කඩිනමින් එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දෛනිකව එකතු වන කසළ ප්‍රමාණය කොතෙක් වේදැයි යන්න පිළිබඳව හෝ එවැනි කසළ දාහකයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ ගොඩනගා පවත්වාගෙන යාමේ ආර්ථිකමය ඵලදායිතාව කොපමණද යන්න පිළිබඳව නිසි අධ්‍යයනයකින් තොරව මෙන්ම, එවැනි කාර්යයක පාරිසරික බලපෑම පිළිබඳව නිසි ශක්‍යතා අධ්‍යයනයකින්ද තොරව කඩිමුඩියේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය මේ වන විට ආර්ථිකමය ඵලදායිතාවයෙන් තොර, බරපතල පාරිසරික බලපෑම්වලින් යුතු, මහජන මුදල් ගිල දමන බහිරවයෙකු බවට පත්ව තිබෙන බව වාර්තා වේ.
මෙම කසළ දාහකය ස්ථාපිත කර තිබෙන්නේ ඉහළ හන්තාන ජෛව විවිධත්ව කලාපය තුළ පිහිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අයත් රක්ෂිත වනාන්තර කොටස තුළය. කසළ දාහකය ඉදිකිරීම සඳහා රක්ෂිතය තුළ වූ වටිනා ගස්කොළන් රාශියක් කපා දමා තිබෙන බවද වාර්තා වේ. රක්ෂිත කලාපයක් තුළ ගස්කොළන් කපා දැමීම සම්බන්ධයෙන් දැඩි සීමා කිරීම් තිබෙන නමුත්, මෙම කාර්යය බාහිර සමාජයට විවෘත නොකර සඟවා සිදු කිරීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් කිසිවෙකුගේ අවධානය යොමුවී නැත.
කසළ දාහකය මගින් පොලිතීන් ඇතුළු කසළ දහනය කිරීමෙන් දෛනිකව හන්තාන පාරිසරික කලාපයට එකතු වන විෂ වායු වර්ග හේතුවෙන් රක්ෂිතයේ ජෛව විවිධත්වයට සහ ශාක ගහනයට සිදුවන හානිය කොපමණදැයි කිසිවෙකු මෙතෙක් අධ්‍යයනය කර නැත. එහි ප්‍රතිඵල පෙනෙන්නට පටන් ගනු ඇත්තේ තවත් වසර ගණනාවක් ගිය පසුවය.
එසේම මෙම කසළ දාහකය කඩිමුඩියේ ඉදිකිරීමත්, ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව නිසි සොයා බැලීමකින් තොරව එවකට විශ්වවිද්‍යාල පරිපාලනයේ දෙවැනි ස්ථානයේ සිටි බලධාරියෙකුගේ සමීප හිතවතෙකුට ලබා දීමට තිබූ උනන්දුවත් හේතුවෙන් කසළ දාහකයේ දෛනික දහන ධාරිතාවය එය විශ්වවිද්‍යාලය විසින් මුදාහරින කසළ ප්‍රමාණයට සරිලන්නේද යන්න සැලකිල්ලට ලක් කර නැත. කසළ දාහකයේ ධාරිතාව ප්‍රමාණවත් නොවීමෙන් මේ වන විට ගැටලු රැසක් ඇතිවී තිබෙන බවද වාර්තා වේ.
එසේම ඉහළ හන්තාන රක්ෂිත කලාපයේ පටු මාර්ගවල දිනකට කිහිප වතාවක් බර කසළ ලොරි රථ ධාවනය වීම හේතුවෙන් මාර්ගය ගිලා බැස, නායයාම්වලට ලක්වීමද සිදුව තිබේ. එහි අහිතකර ප්‍රතිඵල පසුගිය කාලසීමාවේ ඇස් පනාපිටම දකින්නට ලැබී ඇත. ඒ අනුව බරපතල ලෙස නායයෑමට ලක්ව තිබෙන විශ්වවිද්‍යාල විහාරස්ථානය එම ස්ථානයෙන් ඉවත් කළ යුතු වන බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු හඟවා තිබේ.
කසළ දාහකය අසලට රැගෙන යන කසළ තොග දින ගණනාවක් රක්ෂිත කලාපයේ ගොඩගසා තැබීමට සිදුව ඇති අතර, ඒවා විවෘත පරිසරයේ ගොඩගසා තැබීම හේතුවෙන් රක්ෂිතයේ ජීවත්වන වනසතුන් විසින් ආහාරයට ගැනීමත්, ඇදහැලෙන වැසි මගින් සෝදායාම නිසා ජල මූලාශ්‍රවලට එකතු වීමෙන් එකී ජල මූලාශ්‍ර අපවිත්‍ර වීමත් සිදුවෙමින් පවතී. මෙම බරපතල අර්බුදයට විසඳුමක් ලෙස කසළ තොග ආවරණය වන පරිදි තාවකාලික ටකරන් ආවරණ සෑදීමට විශ්වවිද්‍යාලයේ නඩත්තු අංශයට හදිසි නියෝගයක් ලබාදී තිබෙන බවද වාර්තා වේ.
එසේම මෙම කසළ දාහකය නිසි ප්‍රමිතියට අනුව නිර්මාණය කර නොතිබීම නිසා ඇති වන අධික තාපය හේතුවෙන් දාහකයේ වහළේ සහ චිමිනියේ ආවරණ තහඩු නිරන්තරයෙන් පිළිස්සී යයි. එමගින් විශ්වවිද්‍යාල නඩත්තු අංශය ලවා නැවත නැවත ඒවා ප්‍රතිස්ථාපනය කිරීමට සිදුව තිබෙන හෙයින් විශාල මුදල් නාස්තියක්ද සිදුවන බව නඩත්තු අංශයේ සේවකයෝ පවසති.
එසේම නිසි ප්‍රමිතියක් නොමැති වීමේ ගැටලුව හේතුවෙන්ම දෛනිකව විශාල ගෑස් ප්‍රමාණයක් වැයවීමත්, එම වැයබර සාපේක්ෂව අධික වීමත් නිසා මෙම කසළ දාහකය විශ්වවිද්‍යාලයට විශාල වැයබරක් එකතු කර තිබෙන බවද සේවකයෝ පවසති.
මෙම කසළ දාහකයේ නඩත්තු වියදම්, ඉන් පරිසරයට සිදුවන බරපතල හානිය සහ නිරන්තර අලුත්වැඩියාවන් සඳහා අමුද්‍රව්‍ය හා සේවකයන්ට සිදුකරන ගෙවීම් ආදිය සලකා බලන කල, ගොහාගොඩ කසළ අංගනයට කසළ බැහැර කිරීමේ ක්‍රමය මීට වඩා ලාභදායී විය හැකි බවද අදාළ සේවකයෝ පවසති.
පාරිසරික සංවිධාන මෙන්ම රජයේ විගණන අංශද වහාම මේ පිළිබඳව සොයා බැලිය යුතුය.
Post Views: 7
Previous Post

කතරගම යන බැතිමතුන්ට විශේෂ දැනුම්දීමක්…

Next Post

පොලිස් වාහන සහ යතුරුපැදි 271ක් වෙන්දේසියට…

Editor TTV News

Editor TTV News

Next Post
පොලිස් වාහන සහ යතුරුපැදි  271ක් වෙන්දේසියට…

පොලිස් වාහන සහ යතුරුපැදි 271ක් වෙන්දේසියට...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026

ගොවියා ණය වී වගා කළත්  බීජයි පොහොරයි නෑ

ගොවියා ණය වී වගා කළත් බීජයි පොහොරයි නෑ

26 July 2026
වසර දෙකක් ගියත්  රජය ඉටු කළේ  වැටුප් වැඩි කිරීම පමණයි

වසර දෙකක් ගියත් රජය ඉටු කළේ වැටුප් වැඩි කිරීම පමණයි

26 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන් එල්ල වූ විවේචනවලට නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

26 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved