27 April 2024
#දේශීය

බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුව මගින් පුහුණු තනතුරු සඳහා බඳවාගත් නිළධාරින්ගේ සේවය ස්ථීර කිරීම

බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුව මගින් පුහුණු තනතුරු සඳහා බඳවාගෙන ඇති නිලධාරින් ඔවුන්ගේ සේවා පුහුණුව අනුව රාජ්‍ය සේවය සඳහා අන්තර්ග්‍රහණය කොට 2023 වර්ෂයේදී සේවය ස්ථීර කිරීමට නියමිත බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

අඩු ආදායම්ලාභී පවුල්වල සිටින අවම අධ්‍යාපන සුදුසුකම් සහිත සාමාජිකයින්ට විධිමත් වෘත්තීය පුහුණුවක් ලබා දීමෙන් පසු රජයේ ස්ථීර රැකියා ලබා දීම මඟින් ස්ථීර ආදායම් ලබන්නන් බවට පත්කර එම පවුල් දිළිඳු බවින් මුදවා ගැනීම සහ එම ශ්‍රම බලකායේ නිපුණතා සමෘද්ධිමත් රටක් ගොඩ නැගීමේ කාර්යයට සඵලදායී ලෙස දායක කර ගැනීමේ පරමාර්ථයෙන් මෙම වැඩසටහන ආරම්භ විය.

ඒ අනුව මේ වන විට බඳවා ගෙන ඇති 32,000 ක් පමණ වන නිලධාරීන්ගේ සේවය ස්ථීර කිරීමට නියමිතය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *