17 May 2024
#දේශීය #පුවත්

මැයිදින රැලිවලට ඩ්‍රෝන යානා භාවිතාකරනවානම් අවසර ලබාගත යුතුමයි – පොලිසිය

ලෝක කම්කරු දිනය වෙනුවෙන් හෙට (01) දිනයට පැවැත්වීමට නියමිත පෙළපාලි, රැළි සහ සැමරුම් උත්සව සඳහා ඩ්‍රෝන කැමරා භාවිතා කිරීමේදී නිසි අවසර ලබා ගත යුතු බව පොලිසිය පවසයි. අනවසරයෙන් මැයි දින පෙළපාලි, රැළි හා සැමරුම් උත්සව කටයුතු ආවරණය කිරීම සඳහා ඩ්‍රෝන යානා භාවිතා කිරීම තහනම් වන අතර මෙය දිවයින පුරා පැවැත්වෙන සියලුම මැයි රැළි සඳහා අදාල වනු ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය නිවේදනය කරයි‍.

ඒ අනවසරෙන් ඩ්‍රෝන යානා භාවිතා කරන්නන් සම්බන්ධයෙන් නීත්‍යානුකුලව කටයුතු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *