17 May 2024
#දේශීය #පුවත්

ජාතික ජන බලවේගයේ මැයි රැලි දිවයින පුරා

රට හදන විසඳුමට ජන බලය එක පෙළට මාලිමාවේ මැයි රැලි කිහිපයක්ම දිවයින පුරා සංවිධානය කර ඇති බව එම පක්ෂය පවසයි. ඒ් අනුව යාපනය උදේ 10 ට නන්දයි සෙල්වා රඟහලේදී පැවැත්වෙන අතර කොළඹ පෙළපාලිය සවස 2.00 ට BRC පිටියෙන් ආරම්භ වේ.

එම රැලිය සවස 3.30 ට CWW කන්නන්ගර මාවතේ දී පැවැත්වීමට නියමිතයි. එමෙන්ම මාතර පෙළපාලිය සවස 2.00 ට රාහුල හංදියෙන් ආරම්භ වන අතර රැලිය සවස 3.30 ට මාතර වෙරළ උද්‍යානයේ දී පැවැත්වේ.

අනුරාධපුරය පෙළපාලිය සවස 2.00 ට වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩා පිටියෙන් ආරම්භ වන අතර රැලිය සවස 3.30 ට මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *