නිදහස් වෙළඳ ගිවිසුමක් සඳහා වන සාකච්ඡා අවසන් අදියරට ළඟා වී ඇති පසුබිමක, ඉන්දියාව වෙත යවන ලද ප්‍රති-යෝජනාවට (counterproposal) අදාළ ප්‍රතිචාරයක් අපේක්ෂාවෙන් පේරු සිටින බව එරට වෙළඳ අමාත්‍ය රොජර්ස් වෙන්ලීසියා සිකුරාදා ප්‍රකාශ කළේය.
රන් අපනයන වර්ධනය වීමත් සමඟ මේ වසරේදී අමෙරිකාව අභිබවමින් පේරු හි දෙවන විශාලතම අපනයන ගමනාන්තය බවට ඉන්දියාව පත්ව ඇති අතර, දිගුකාලීන සාකච්ඡාවලින් පසු මෙම ගිවිසුම 2027 වසරේදී අත්සන් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්













