ඉරානය සමඟ පවතින ගැටුම් හේතුවෙන් ගෝලීය බොරතෙල් සැපයුමට බලපෑම් එල්ල වී ඉන්ධන මිල ඉහළ යෑම හමුවේ, ඇමරිකානු තෙල් පිරිපහදු ධාරිතාව පුළුල් කිරීම සඳහා ආරක්ෂක නිෂ්පාදන පනත භාවිත කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ධවල මන්දිරය සොයා බලමින් සිටින බව වාර්තා වේ.
ඉන්ධන මිල ඉහළ යාම පාලනය කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනාධිකාරය මත දැඩි පීඩනයක් එල්ල වී ඇති පසුබිමක, පසුගියදා ජනාධිපතිවරයා සහ තෙල් පිරිපහදු සමාගම් නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකදී මෙම යෝජනාව මතු වී තිබේ. අලුතින් පිරිපහදු ඉදිකිරීමට වඩා පවතින පිරිපහදු වඩාත් කාර්යක්ෂම කිරීම හෝ ඒවා පුළුල් කිරීම සඳහා ෆෙඩරල් අරමුදල් යෙදවිය යුතු බව පිරිපහදු විධායක නිලධාරීන් මෙහිදී පෙන්වා දී ඇති අතර, මේ වන විට ඇමරිකානු පිරිපහදු භාවිතය 98%ක ඉහළ මට්ටමක පවතියි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්













