පෙරූ රාජ්‍යය ඇමරිකානු මත්ද්‍රව්‍ය විරෝධී සන්ධානයට එක්වෙයි ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මහතාගේ පෙරූ සංචාරයකින් අනතුරුව, එරට මත්ද්‍රව්‍ය කාටෙල් මර්දන වැඩපිළිවෙළට සහයෝගය දැක්වීම සඳහා අමෙරිකාවේ ප්රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය විරෝධී සන්ධානයට එක්වන බව පෙරූ ජනාධිපතිනි කේකෝ ෆුජිමෝරි නිවේදනය කර තිබේ.අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංකල්පයක් මත ලතින් අමෙරිකානු දක්ෂිණාංශික නායකයන්ගේ එකමුතුවෙන් ක්‍රියාත්මක වන Shield of the Americas නැමැති මෙම ආරක්ෂක වැඩසටහන හරහා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කෙරේ. කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සහ මත්ද්‍රව්‍ය ජාලයන් මැඩපැවැත්වීම අරමුණු කරගනිමින් දෙරටේ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් මෙම තීරණයට එළඹ ඇත.













