27 April 2024
#දේශීය

විදේශගතව අසරණ වී සිටින ශ්‍රීලාංකික කාන්තාවන් ගෙන්වා ගැනීම සඳහා පෙත්සමක්

විදේශ ගතව අසරණව සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් ගෙන්වා ගැනීම වෙනුවෙන් අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය විසින් අත්සන් කරනු ලැබූ පෙත්සමක් මෙන්ම එළෙස සිරවී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ තොරතුරු විදේශ අමාත්‍යංශය වෙත ඊයේ (06) දිනයේදී බාර දී ඇත.

එම පෙත්සමට ඇතුලත් වන්නේ මැදපෙරදිග ඇතුළුව විදේශරටවල මෙරටට පැමිණීමට නොහැකිව සිරකඳවුරුවල, බන්ධනාගාරවල,රෝහල්වල මෙන්ම වාසස්ථානයක් නොමැතිව මහමඟට ඇඳවැටී සිටින කාන්තාවන් සම්බන්ධයෙනි.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි, ආචාර්ය හරිනි අමරසූරිය, අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපතිනී, ආචාරිනී සරෝජා පෝල්රාජ්, අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් නාගරික මන්ත්‍රිනී, සමන්මලී ගුණසිංහ යන අය සහභාගී විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *