27 April 2024
#දේශීය

ශ්‍රී ලාංකිකයින්ට මෙරටට ඇතුළුවීමට පැවති බාධක ඉවත් කල බව විදේශ අමාත්‍යංශය පවසයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය මත, ඉදිරියේ දී ආපසු සියරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන්ට සහන සැලසීමේ පියවරක් වශයෙන්, අද ( 06) විදේශ අමාත්‍යංශය විසින් මෙරටට ඇතුළුවීමේ ක්‍රියා පටිපාටිය සමාලෝචනය කළ බව විදේශ අමාත්‍යංශය පවසයි.

මෙම නව ක්‍රියාපටිපාටිය යටතේ, ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර මඟින් ගමන් කරන ද්විත්ව පුරවැසියන්, ශ්‍රී ලාංකිකයන්ගේ විදේශික කලත්‍රයන් හා අවිවාහක දරුවන් සහ ගුවන් මගින් පැමිණෙන ශ්‍රී ලංකා නාවිකයින්ට විදේශ අමාත්‍යාංශයේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ පූර්ව අනුමැතියකින් තොරව ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර දෙනු ලැබේ.

කෙසේ වෙතත්, කළමනාකරණය කළ හැකි මගීන් සංඛ්‍යාවක් පවත්වා ගැනීමේ වගකීම සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙත පවරා ඇති අතර, ඔවුන් අදාළ ගුවන් සමාගම් හරහා දේශීය නිරෝධායන හා අවශ්‍ය අනෙකුත් සේවා සැපයුම් සමඟ කටයුතු කළ හැකි ආකාරයට මෙම සංඛ්‍යා නියාමනය කරනු ඇත.

පැමිණෙන සියලුම මගීන් මෙහි පැමිණෙන විට ක්‍රියාත්මකව පවතින සෞඛ්‍ය නීති රීති සහ මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපැදිය යුතුය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *