පිලිපීන ජාතික ආරක්ෂක උපදේශක එඩුවාඩෝ අසෝ (Eduardo Ano) සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව මැනිලා නුවර ජනාධිපති මාලිගාවේ ප්‍රකාශකයෙකු බදාදා නිවේදනය කළේය. ඔහු වෙනුවට හිටපු හමුදා ප්‍රධානී එඩුවාඩෝ ඕබන් (Eduardo Oban) එම ධුරයට පත් කිරීමට නියමිතය.
සන්නිවේදන නියෝජ්‍ය ලේකම් ක්ලෙයාර් කැස්ත්‍රෝ (Claire Castro) මාධ්‍ය හමුවකදී සඳහන් කළේ, දශක කිහිපයක කාලයක් රජයට සහ හමුදාවට සිදු කළ අඛණ්ඩ සේවයෙන් අනතුරුව පොදු සේවයෙන් විශ්‍රාම ගැනීමට ලේකම් අසෝ තීරණය කර ඇති බවත්, ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීම පිළිගෙන ඇති බවත්ය.
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය සහ කලාපීය ආරක්ෂක අභියෝග මධ්‍යයේ පිලිපීනයේ ජාතික ආරක්ෂක අංශයේ සිදුවන මෙම නායකත්ව වෙනස ඉතා තීරණාත්මක වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.












