පිලිපීනයේ මින්දනාවෝ දූපත් ආසන්නයේ රික්ටර් මාපක 7.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් අද (ජුනි 08) හටගෙන තිබේ. මෙම භූ කම්පනය මින්දනාවෝ හි බුරියාස් (Burias) ප්‍රදේශයට බටහිර – නිරිත දෙසින් කිලෝමීටර් 24.7ක් දුරින් සහ පොළොව මතුපිට සිට කිලෝමීටර් 35ක් පමණ ගැඹුරකින් සිදුව ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රබල භූ කම්පනය හේතුවෙන් පිලිපීනය, ඉන්දුනීසියාව සහ මැලේසියාවේ වෙරළාසන්න ප්‍රදේශ කිහිපයක් සඳහා සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත්, මෙම ස්වාභාවික ආපදාවෙන් සිදුවූ ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් නිල තොරතුරු වාර්තා වී නොමැත. කලාපීය බලධාරීන් ප්‍රදේශවාසීන්ව වඩාත් විමසිලිමත් වන ලෙසත්, සුනාමි අනතුරු ඇඟවීම්වලට අනුව කඩිනමින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු වන ලෙසත් දැනුම් දී ඇත.
















