අන්තර්ජාලයේ වෙබ් අඩවි රැසක් ක්රියාත්මක කිරීමට භාවිත කරන PHP ක්රමලේඛන භාෂාවේ බරපතළ ආරක්ෂක දුර්වලතා හෙළිවීමත් සමඟ ලොව පුරා සමාගම් සහ රාජ්ය ආයතන සිය පද්ධති ආරක්ෂා කිරීමට කඩිනම් පියවර ගෙන තිබේ. මෙම දුර්වලතා ප්රසිද්ධ වීමෙන් පසු ඒවා ප්රයෝජනයට ගැනීමට උත්සාහ කළ සයිබර් ප්රහාර සංඛ්යාව මිලියන ගණනක් දක්වා ඉහළ ගිය බව Cloudflare ආයතනය වාර්තා කරයි.
Reuters වාර්තාවට අනුව, කෘත්රිම බුද්ධිය (AI) භාවිතයෙන් වසර ගණනාවක් පැවති මෙම දුර්වලතා හඳුනාගෙන තිබේ. PHP සංවර්ධකයන් පසුගිය බදාදා ඒවාට පිළියම් යෙදූ නව සංස්කරණ නිකුත් කරමින් පරිශීලකයන්ට වහාම යාවත්කාලීන වන ලෙස දැනුම් දී ඇත.
Cloudflare ප්රධාන විධායක නිලධාරී මැතිව් ප්රින්ස් සඳහන් කර ඇත්තේ දුර්වලතා පිළිබඳ තොරතුරු ප්රසිද්ධ වීමට පෙර සිටම ඒවා ප්රයෝජනයට ගැනීමේ උත්සාහ දක්නට ලැබුණු බවයි. තොරතුරු ප්රසිද්ධ කිරීමෙන් පසු එම උත්සාහයන් වේගයෙන් ඉහළ ගොස් මිලියන ගණනක් දක්වා වර්ධනය වූ බව ඔහු පවසා තිබේ.
ආරක්ෂක අවදානම හේතුවෙන් යුරෝපයේ සහ වෙනත් ප්රදේශවල ඇතැම් වෙබ් අඩවි පූර්වාරක්ෂාවක් ලෙස තාවකාලිකව අක්රිය කර තිබේ. ජපානයේ Nomura, Mitsubishi UFJ Financial Group, ANA ගුවන් සේවය සහ East Japan Railway ඇතුළු ආයතන කිහිපයක් ද ඇතැම් අන්තර්ජාල සේවා තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.
Microsoft ප්රධාන විධායක නිලධාරී සත්යා නඩෙල්ලා මෙම සිදුවීමෙන් පෙන්වා දෙන්නේ, පද්ධති වඩාත් සංකීර්ණ වන විට ඒවා ආරක්ෂිතව නඩත්තු කළ හැකි මෘදුකාංග සංවර්ධනය කිරීමේ වැදගත්කම බවයි.
















