යේමනයේ හූති සටන්කාමීන් සහ සෞදි අරාබියට සහාය දක්වන හමුදා සන්ධානය අතර ගැටුම් උත්සන්න වීමත් සමඟ සෞදි රාජ්ය තෙල් සමාගම වන අරම්කෝ (Aramco) සිය ධහ්රාන් මූලස්ථානයේ සේවකයන්ට එම ගොඩනැගිල්ලෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇති බව Reuters වාර්තා කරයි.
මෙම තොරතුර Reuters වෙත ලබාදී ඇත්තේ සිද්ධිය පිළිබඳ දැනුම ඇති පුද්ගලයන් හයදෙනෙකු විසිනි. සේවකයන්ට කාර්යාලයෙන් ඉවත් වී දුරස්ථව සේවය කරන ලෙස උපදෙස් දී ඇති බව ද වාර්තාවේ සඳහන් වේ.
හූති කණ්ඩායම සෞදි අරාබියේ ඉලක්ක වෙත ප්රහාර එල්ල කළ බවට ප්රකාශ කර ඇති අතර, සෞදි අරාබියේ ගුවන් තොටුපළ සහ අරම්කෝ සම්බන්ධ ඉලක්ක ද එම ප්රහාරවලට ඇතුළත් බව වාර්තා වේ. කෙසේ වෙතත්, වාර්තාවේ සඳහන් පරිදි සේවකයන් ඉවත් කිරීමට හේතු වූ නිශ්චිත කරුණ පැහැදිලි වී නොමැත.
අරම්කෝ සමාගම මේ සම්බන්ධයෙන් Reuters කළ විමසීමට වහාම ප්රතිචාර දක්වා නොතිබුණි. එමෙන්ම, සෞදි අරාබියේ ප්රධාන කොටස් වෙළෙඳපොළ දර්ශකය බ්රහස්පතින්දා සියයට 2.5කින් පහත වැටී ඇති අතර, මැදපෙරදිග ගැටුම් තවදුරටත් උත්සන්න වීමේ අවදානම හේතුවෙන් ලෝක තෙල් සැපයුම පිළිබඳ කනස්සල්ල ද ඉහළ ගොස් තිබේ.
















