භෞත චිකිත්සකවරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ සහ ඝාතනයට සහයෝගය දුන් කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරු සහ කුණ්ඩසාලේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පොලිස් පරීක්ෂකවරයා ඇතුළු සිව් දෙනා ලබන අගෝස්තු 3 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අදාළ නඩුව අද (30) නුවරඑළිය මහේස්ත්‍රාත් පුෂ්පිකා ජයදාස මහත්මිය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත. නාරම්මල ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන සැකකරු ඇතුළු පිරිස මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.














