2017 වර්ෂයේ ඇති වූ ස්වාභාවික නායයෑම් ව්‍යසනයෙන් පසු වසර නවයකට ආසන්න කාලයක් තාවකාලික නවාතැන්වල සහ අවතැන් කඳවුරුවල ජීවත් වූ කළුතර දිස්ත්‍රික්කයේ, මෝඩගොඩ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් යෝගන් වතුයායේ පවුල් 16ක දිගුකාලීන නිවාස සිහිනය යථාර්ථයක් කරමින් අංගසම්පූර්ණ ස්ථීර නිවාස 16ක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
වැවිලි ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 57.6ක මුදලක් වෙන් කර ඇති අතර, නිවාස ඉදිකිරීමට අමතරව මාර්ග පද්ධතිය, විදුලිය සහ පානීය ජලය ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කර මෙම වසරේ දෙසැම්බර් මාසය වන විට ප්‍රතිලාභීන්ට ඒවා භාරදීමට නියමිතය. ජනතාව මුහුණ දෙන නිවාස ගැටලුවට තිරසාර විසඳුම් ලබාදීම වත්මන් රජයේ ප්‍රමුඛ අරමුණක් බවත්, කිසිදු ರಾಜ්‍ය සුබසාධන වැඩසටහනකදී දේශපාලන හිතවත්කම් හෝ පක්ෂපාතීත්වයන් සැලකිල්ලට නොගෙන විනිවිදභාවයෙන් හා සාධාරණත්වයෙන් කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.














