පිළියන්දල – කොට්ටාව මාර්ගයේ ගමන් කළ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අධිබලැති විදුලි කණුවක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබේ.
මෙම අනතුරින් වෑන් රථයේ ගමන් ගත් 7 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් මේ වන විට ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. රියදුරුට නින්ද යාම මෙම අනතුරට ප්‍රධාන හේතුව වන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.














