පිළියන්දල, බොකුන්දර ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී රුපියල් මිලියන 300කට අධික වටිනාකමකින් යුත් බවට සැලකෙන හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අඹුසැමි යුවළක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 11ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6ක් සිය භාරයට ගත් බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 300කට ආසන්න බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරන අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී අනාවරණය වනු ඇත.













