අලුත් අවුරුදු නැකත් චාරිත්‍රවලට අනුව හිසතෙල් ගල්වා දීර්ඝායුෂ පැතීමේ නැකතට සමගාමීව, පින්නවල අලි අනාථාගාරයේ අලි ඇතුන්ට ද හිසතෙල් ගා ආශිර්වාද කිරීමේ උත්සවයක් අද (15) පෙරවරුවේ පැවැත්විණි. පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත රණසිංහ මහතා ඇතුළු මහජන නියෝජිතයින් සහ ජාතික සත්ව උද්‍යාන අධ්‍යක්ෂ චන්දන රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.
පවතින උණුසුම් දේශපාලන සහ යුධමය වාතාවරණය මධ්‍යයේ වුවද, මෙරට සංස්කෘතික උරුමයන් සහ සතුන් වෙනුවෙන් ඉටුකරනු ලබන මෙවැනි සාම්ප්‍රදායික චාරිත්‍ර කෙරෙහි විදේශීය සංචාරකයින්ගේ ද විශේෂ අවධානයක් යොමු වී තිබේ.














