පිරිවෙන් අධ්‍යාපනය හරහා බුදුදහමේ වටිනාකම් සහ දැනුම සහිත, සමාජයට නායකත්වය දිය හැකි පිරිසක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි. අද (28) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවිදි හා ගිහි පිරිවෙන් ආචාර්යවරුන් 148 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය. එහිදී නව පත්වීම් ලැබූ පැවිදි ආචාර්යවරුන් 101 දෙනෙකුට සහ ගිහි ආචාර්යවරුන් 47 දෙනෙකුට සිය වගකීම් පවරා දෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, වත්මන් ලෝකයේ අභියෝග ජයගත හැකි සහ බෞද්ධ සාරධර්ම ප්‍රායෝගිකව ජීවිතයට ගලපා ගන්නා පරපුරක් බිහි කිරීමේ ප්‍රධාන වගකීම මෙම ආචාර්ය මණ්ඩලය සතු වන බවයි. රටේ ඉදිරි ගමන සඳහා අවශ්‍ය නායකත්ව ගුණාංගවලින් හෙබි ශිෂ්‍ය ප්‍රජාවක් නිර්මාණය කිරීම පිරිවෙන් අධ්‍යාපන පද්ධතියේ ප්‍රමුඛ කාර්යභාරයක් විය යුතු බවද ඇය මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නාය.













