අස්වැසුම සුබසාධක ප්‍රතිලාභීන් නිවැරදිව හඳුනා ගැනීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම සහ පවතින ගැටලු නිරාකරණය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (28) මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙහිදී දැනට පවතින තේරීම් නිර්ණායක සංශෝධනය කිරීම සහ ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගනිමින් වඩාත් කාර්යක්ෂම ලෙස සුදුස්සන් හඳුනා ගැනීම පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු විය. දිගුකාලීන පනත් සංශෝධනවලට අමතරව කෙටි කාලීන විසඳුම් ලෙස ග්‍රාම නිලධාරීන් සක්‍රීයව මෙම ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීමටත්, පවතින පුරප්පාඩු කඩිනමින් පිරවීමටත් මෙහිදී තීරණය කෙරිණි. අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම සාකච්ඡාවේදී ගෙවීම් ක්‍රමවේදයන්හි පවතින අඩුපාඩු සකස් කිරීම පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කරන ලදී.












