2025 (2026) වසර සඳහා පැවැත්වුණු පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර නැවත සමීක්ෂණය කිරීම සඳහා වන අයදුම්පත් මේ වන විට කැඳවා තිබේ. ඒ අනුව අදාළ අයදුම්පත් 2026 අප්‍රේල් මස 30 වැනි දින සිට 2026 මැයි මස 21 වැනි දින දක්වා භාරගනු ලැබේ.
අයදුම් කිරීමට අපේක්ෂා කරන සිසුන් සඳහා එම කටයුතු මාර්ගගත ක්‍රමයෙන් (Online) පමණක් සිදු කිරීමට පහසුකම් සලසා ඇත. ඒ සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හෝ නිල ජංගම දුරකථන යෙදවුම භාවිත කළ හැකි අතර, නියමිත කාලසීමාව තුළ අයදුම්පත සම්පූර්ණ කළ යුතුය.














