පිටකොටුව, හෙට්ටිවීදිය මුහුදු මාවතේ පිහිටි ප්‍රධාන පෙළේ නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරයකින් රුපියල් ලක්ෂ 62ක් වටිනා මුදල් සහ දේපළ සොරාගත් එම ආයතනයේම කළමනාකරු ඇතුළු සිව්දෙනෙකු පිටකොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර ප්‍රදර්ශනාගාර කළමනාකරු සහ වෙළෙඳ සහයකයන් තිදෙනෙකු සිටින බව පොලිසිය පවසයි. අප්‍රේල් මස 01 වන දිනත් 12 වන දිනත් අතර කාලය තුළ රුපියල් ලක්ෂ 32ක මුදලක් සහ ලක්ෂ 30ක් වටිනා නිමි ඇඳුම් තොගයක් අතුරුදන් වී ඇති බවට අදාළ ව්‍යාපාරිකයා කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබුණි.
පොලිස් ප්‍රශ්න කිරීම්වලදී සොරාගත් රුපියල් ලක්ෂ 32ක මුදල කළමනාකරුගේ මට්ටක්කුලිය පිහිටි නිවසේ සඟවා තිබියදී සොයා ගැනීමට හැකි වී තිබේ. සෙසු සැකකරුවන් නෝටන් බ්‍රිජ්, රාගල සහ නුවරඑළිය ප්‍රදේශවල පදිංචි අවුරුදු 17ත් 42ත් අතර වයස්වල පසුවන්නන්ය. මෙම සොරකමට සම්බන්ධ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත අතර, දැනට සිටින සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














