ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “කෙසෙල්වත්ත දිනූෂ” නමැත්තාට මෙරටින් පලායාම සඳහා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කර දුන් බව කියන තරුණයා ලබන මැයි මස 06 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (21) නියෝග කළේය.
කෙසෙල්වත්ත පොලිසිය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ, දැනට රැඳවුම් නියෝග මත කොම්පඤ්ඤවීදිය කොට්ඨාස අපරාධ අංශය භාරයේ පසුවන කෙසෙල්වත්ත දිනූෂට රටින් පැන යාමට අවශ්‍ය ව්‍යාජ ලේඛන සකස් කිරීමට මෙම සැකකරු සහාය දී ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් විමර්ශන පවත්වන බැවින් සැකකරුට ඇප ලබා නොදී රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොලිසිය කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා පිළිගත්තේය.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය, සැකකරු ලබන මස 06 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළේය.















