• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රට පුරා කෘෂිකර්මාන්තය ව්‍යාප්ත කිරීමේ සැලසුමක් – රාජ්‍ය අමාත්‍ය සදාසිවම්

8 February 2021
in සංවර්ධන

ලංකාවේ කෘෂිකර්මාන්තය වැඩි දියුණු කලයුතු බවත් හැමෝම තමන්ට හැකි අයුරින් කෘෂි කර්මාන්තය නංවාලීමට දායකත්වය ලබා දිය යුතු බව රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන් මහතා පවසයි.

ඒ මහතා ප්‍රකාශ කලේ නුවර, ගංනොරුවේ පිහිටි හදබිම අධිකාරියේ නිරික්ෂණ චාරිකාවකට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා “පසුගාමි ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට අයත් එකම ආයතනය හදබිම අධිකාරිය වේ. මෙතෙක් එම අධිකාරිය මගින් ක්‍රියාත්මක වූ කාර්යයන් මධ්‍යම පලාතට පමණක් සීමා වූවත් ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ඉදිරියට ගෙන යාමේ අරමුණින් නැගෙනහිර පලාතටද ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන අතර එය යතාර්ථයක් කිරීම සදහා ඔබ සෑම සියළු දෙනාගේ සහයෝගය මා බලාපොරොත්තු ‍වනවා. විශේෂයෙන් මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්ක වල රාජකාරි කටයුතු කල නිළධාරින් හා සේවක මහත්ම මහත්මින්ට ඉතා දුශ්කර ප්‍රදේශයක් වූ නැගෙනහිර පලාත තුල කිරීමට සිදුවීම යම් යම් අපහසුතා ඇති වේවි. නමුත් ඒ ඒ ප්‍රදේශ වල සිදුකල ව්‍යාපෘති එලෙසම සිදු කරමින් අපහසුතා ඇති අය මුලින්ම හදුනාගෙන අවම අපහසුතා ඇති අයගෙන් සැදුම් ලත් කණ්ඩායමක් නැගෙනහිර පලාතේ කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට දායකත්වය ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා. අපගේ අරමුණ කෘෂි සංවර්ධන ව්‍යාපෘති රාශියක් රට පුරා ක්‍රියාත්මක කිරීමටය. මේ වන විට නැගෙනහිර පලාත තුල පමණක් ගොවීන් 12000 ක් පමණ කාබනික පොහොර නිෂ්පාදන වැඩ සටහන් සඳහා තෝරාගෙන තිබෙනවා. මෙම නව ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා ගැනීමට දැනටමත් අප මුදල් අමාත්‍යාංශය වෙත යොමු කර තිබෙනවා. අනුමැතිය ලඳ සැනින් එම ව්‍යාපෘති ආරම්භ වෙනවා. මම පසුගිය දවස් වල ඉන්දියානු සහ ජපන් තානාපති නිලධාරින් හමුවුනා. ඔවුන්ගෙන් අපගේ මෙම ව්‍යාපෘති සදහා ආධාර කරන ලෙස මා ඉල්ලීමක් කලා. ඉන්දියානු රජය මේ වන විටත් අප හට මිලියන 300 ක ආධාර ලබා දී තිබෙනවා. එමෙන්ම පසුගියදා ඉන්දියානු විදේශ අමාත්‍යවරයා හමුවූ විටද අපගේ එක් ව්‍යාපෘති සදහා රුපියල් මිලියන 900 ක ආධාර ලබා දෙන ලෙස මා ඉල්ලීමක් කලා. කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට අප සියළු දෙනාම එකා මෙන් වැඩ කරගෙන යමු. ඒක අපටත්, රටටත් වැදගත් වන බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යංශ ලේකම් ඒ. සේනානායක මහතා හදබිම අධිකාරියේ සභාපති අමරානන්ද වීරසිංහ මහතා ඇතුළු හදබිම අධිකාරියේ නිලධාරින් සහ සේවක මහත්ම මහත්මින් රැසක් සහබාගි වුහ.

 

Post Views: 11
Previous Post

සෑම කොවිඩ් ආසාදිතයෙකුට ගිලන් ඇඳක් දෙනවා -සෞඛ්‍ය අමාත්‍යංශය

Next Post

වතු වැටුප රු. 1000 දෙන්න පඩිපාලක සභාව තීරණය කරයි

editor

editor

Next Post

වතු වැටුප රු. 1000 දෙන්න පඩිපාලක සභාව තීරණය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved