• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉන්ධන, ගෑස්, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමට සැලසුම් කර අවසන් – ජනපති කියයි

8 July 2022
in දේශීය

වර්තමානයේ රට මුහුණ දෙන ආර්ථික අභියෝග ජයගෙන අපනයන හා කෘෂි ආර්ථිකයට ප්‍රමුඛතාව දෙමින් නව ආයෝජන සහිත ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම රජයේ අරමුණ විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එහෙත් ලොවම මුහුණ පෑ කොවිඩ් වසංගත තත්ත්වය සියලු රටවල් දැඩි ආර්ථික අර්බුදයකට ගෙන ගොස් ඇත. ඉතාම ධනවත් රටවල් පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සොයමින් සිටිති. එහිදී මුදල් සංචිතයක් නොමැති අප වැනි රටක ආර්ථිකයට එම තත්ත්වය ඉතා තදින් බලපායි.

මේ පසුබිම මත ඇති වූ දේශපාලන අර්බුදයට සර්ව පාක්ෂික ආණ්ඩුවක් තුළ විසඳුම් සෙවීමට ජනාධිපතිතුමා සියලු දේශපාලන පක්ෂ නායකයන් සමග සාකච්ඡා කරනු ලැබීය. එහෙත් ඊට ලද ප්‍රතිචාර අසාර්ථක වීමත් සමග රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුර‍ය බාරගෙන කටයුතු කිරීම‍ට ඇරයුම් කෙරිණ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ඉතා සාර්ථක වී ඇති අතර ඉදිරි සති කිහිපය ඇතුළත එම ණය ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සැකසී තිබේ. පසුගිය සති කිහිපය තුළ රාජ්‍ය නායකයන් සමග දුරකථනය මගින් මෙන්ම බොහෝ රටවල තානාපතිවරුන් සමග සාකච්ඡා කර එම රටවල සහාය ගැනීමට කටයුතු කෙරිණ.

ඉතා සැලසුම්සහගත සහ දීර්ඝ වෑයමකින් පසු එහි ප්‍රතිඵල මේ වන විට රටට ලැබෙමින් පවතී. අත්‍යාවශ්‍ය ඖෂධ තොග මේ වන විටත් ලැබී තිබේ, ඉන්දීය ණය පහසුකම් යටතේ පොහොර මෙට්‍රික් ටොන් 65,000ක් ඇණවුම් කර තිබේ. එහි පළමු පොහොර මෙට්‍රික් ටොන් 44,000ක් රැගත් නෞකාව හෙට (09) දිවයිනට ළඟා වේ, ඉන්ධන, ගෑස් සහ ඇණවුම් කළ අත්‍යාවශ්‍ය භාණ්ඩ ජුලි මස 12 වනදා සිට අඛණ්ඩව ලැබීමට නියමිතය, විවිධ කෘෂිකාර්මික වැඩසටහන් යටතේ රට තුළ ආහාර හිඟයක් ඇති නොවීමට සියලු කටයුතු යොදා ඇති අතර 21වන සංශෝධනයට මේ වන විටත් කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

පැවති ගැටලු සහගත තත්ත්වයට සාර්ථක විසඳුම් ළඟා කරගෙන ඇති මොහොතක විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් ජනතාව නොමග යවමින් ගෙනයන වැඩපිළිවෙළ ඉතා කණගාටුදායකය. මෙමගින් රට නැවතත් ආපස්සට ගමන් කරනු ඇත.

නිවැරදි ආර්ථික වැඩපිළිවෙළක් මගින් රටේ අනාගත දරු පරපුරට යහපත් රටක් ගොඩනැගීම‍ට සහාය වීම ජනතාවගේ වගකීමක් හා යුතුකමකි. එම නිසා පවතින සැබෑ තත්ත්වය නිසිලෙස අවබෝධ කරගෙන වැරදි මතවාදයන්ට හසු නොවී සාමකාමීව හා බුද්ධිමත්ව ක‍ටයුතු කරන ලෙස ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටි.

Post Views: 8
Previous Post

ලංවිම විදුලි බිල්පත් නිකුත් කිරීම යාවත්කාලීන කෙරේ

Next Post

බස්නාහිර පළාතේ ප්‍රදේශ රැසකට පොලිස් ඇඳිරි නීතිය පැනවේ

editor

editor

Next Post

බස්නාහිර පළාතේ ප්‍රදේශ රැසකට පොලිස් ඇඳිරි නීතිය පැනවේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved