• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉන්දීය ආධාර යටතේ මැදවච්චියට ලබා දීමට සැලසුම්

2 August 2022
in දේශීය

ඉන්දීයානු රජයේ ආධාර යටතේ මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට සහල් කිලෝ 90,000 ක(ටොන් අනූවක) ප්‍රමාණයක් ලැබුණු බවත් එය ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම් ලාභී පවුල් ඒකක 9724 ට බෙදා දීමට සැලසුම් කර ඇති බව මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පවසයි.

මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ 60,000 ට ආසන්න ජන කොට්ඨාසයක් සිටින අතර ගොවි තැන ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස බහුතර ජන කොට්ඨාසයක් තෝරගෙන තිබුණි. විටෙන් විට පත් වන ආණ්ඩුවල බලධාරින්ගේ තනි තීන්දු තීරණ හේතුවෙන් ගොවියාට පොහොර නොලබීමත්, යත්‍ර සූත්‍ර සඳහා ඉන්ධන නොලැබීමත් සහ මිල අධික ලෙස ඉහල යාම හේතුවෙන් මෙම බහුතර ගොවීන් තම ප්‍රධාන ආධායම් මාර්ගය වූ ගොවිතැනින් ආධායම් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් වී ගොවිතැන තාවකාලිනව නවතා දැමීමට කටයුතු කළේය. ඒම හේතුවෙන් රට තුළ දැඩි සහල් හිගයක් නිර්මාණය වූහ. එහි ප්‍රතිපලයක් ලෙස සහල් කිලෝව රුපියල් 230 ත් 250 අතර මිලට සහල් පාරිභෝගිකයින් හට මිලදී ගැනීමට සිදු විය. ඒ තුළින් දැඩිව පීඩා විදින අඩු ආදායම් ලාභි පවුල් සඳහා යම් තාක් සහනයක් ලබා දීමේ අරමුණින් ඉන්දීය තමිල්නාඩු රජය මෙම සහල් තොගය මෙරටට එවා තිබුණි.

අප කළ විමසීමකදී ඒ පිළිබඳ අදහස් දැක්වූ මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් එම්.සී මලවආරච්චි මහත්මිය.

මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට සහල් ටොන් අනූවක ප්‍රමාණයක් ලැබෙමින් පවතිනවා. එය ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම් ලාභී පවුල් ඒකක 9724 ට බෙදා දීමට සැලසුම් කරලා තිබෙනවා. මැදවච්චිය සමෘද්ධි මුලස්ථානා කලමණාකාර රාහුල හේරත් මහතා ප්‍රමුඛ සමෘද්ධි කාර්යය මණ්ඩලයත් , ප්‍රාදේශිය ලේකම් කාර්යාල කාර්යය මණ්ඩලයත්, ක්ෂේත්‍ර නිලධාරිනුත් එක්ව මෙම ලැබෙන සහල් තොග බෙදා හැරීම අපි ආරම්භ කරලා තිබෙනවා. එක් පවුල් ඒකකයක් සඳහා සහල් කිලෝ 10 ක ප්‍රමාණයක් තමයි ලබා දීම සිදු කරන්නේ. ඉදිරි දින දෙක ඇතුලත මෙම සහල් තොග සියල්ල බෙදා අවසන් කිරීමට ද නියමිතයි.

 

 

මැදවච්චිය-ගයාන්

Post Views: 5
Previous Post

රට අසමත් කර දිනාගන්න බැරි වුණ දේවල් දිනා ගන්න උත්සහායක් – සාගර කාරියවසම්

Next Post

ලේක්හවුස් ආයතනය විකුණන්නේ නෑ – ඇමැති බන්දුල

editor

editor

Next Post

ලේක්හවුස් ආයතනය විකුණන්නේ නෑ - ඇමැති බන්දුල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved